ඉරානය සමග වෙළෙඳාම් කරන රටවලට බදු පනවන නියෝගයකට ට්‍රම්ප් අත්සන් කරයි

0
3

ඉරානය සමග වෙළෙඳාම් අඛණ්ඩව සිදුකරන රටවලට අමතර තීරුබදු පනවන බවට අනතුරු අඟවමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා තිබේ.

කෙසේ නමුත් මෙම නියෝගය පැනවිය හැකි අනුපාත නිශ්චිතව දක්වා නොමැති අතර, එය 25% පමණ අගයක් වියහැකි බව සඳහන්.

ඉරානයෙන් සෘජුව හෝ වක්‍රව භාණ්ඩ හෝ සේවා මිලදී ගන්නා, ආනයනය කරන හෝ වෙනත් ආකාරයකින් ලබාගෙන අමෙරිකාවට භාණ්ඩ අපනයනය කරන ඕනෑම රටක් මෙම නියෝගයට ඇතුළත් බව අමෙරිකාව පවසයි.

ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් අමෙරිකානු හා ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඕමානයේ දී සාකච්ඡා පවත්වන අතරවාරයේ මෙම නියෝගය ක්‍රියාත්මක කිරීම සුවිශේෂීය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here