ඇමරිකාවේ කායවර්ධන ශූරතාවලියෙන් ජගත්ට 3වැනි තැන

0
2

ලොව අංක එකේ, ප්‍රමුඛතම කායවර්ධන තරගාවලිය වන ඇමෙරිකාවේ පැවති ඔලිම්පියා ඇමේචර් ලාස් වේගාස් – 2025 (Olympia Amateur Las vegas – 2025 ) තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රීඩක ජගත් ගුණසේකර, එහි වයස අවුරුදු 35 ට වැඩි ජ්‍යෙෂ්ඨ විවෘත අංශයෙන් තරග කර, තුන් වන ස්ථානය දිනා ගැනීමට පසුගිය 08 දින සමත් වී තිබුණි.

මෙම තරගාවලියේ මෙම අංශයට ලෝකයේ රටවල් 28 ක කායවර්ධන ශූරයන් සහභාගි වී සිටි අතර, එය ඉකුත් 08 දින ලාස් වේගාස් නුවර නෙවාඩා හෝටල් පරිශ්‍රයේ දී ( Nevada Hotel World Resort) පවත්වා තිබුණි.

ජගත් ගුණසේකර මේ වනවිට කුවේට් රාජ්‍යයේ විදේශීය තානාපති කාර්යාලයක ආරක්ෂක නිලධාරීවරයකු ලෙස සේවය කරමින් සිටින අතර ඔහු කායවර්ධන ක්‍රීඩාවේ ද නිරතවී සිටින්නෙකි.

කටුනායක – ටී.කේ.ජී. කපිල

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here