චමරිගේ සහ නිලක්ෂිකාගේ අර්ධ ශතකවලින් නවසීලන්තයට ලකුණු 259ක ඉලක්කයක්

0
2

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය

පසුගිය තරග පරාජයන් වලින් ඉගෙනගත් පාඩම් නිසා ඊයේ නවසීලන්තය සමග පැවැත්වූ තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඉතා පරිස්සම්කාරී ඉනිමක් ඇරඹුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා යෑමට අවශ්‍ය අඩිතාලම සකසමිනි.

2025 කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ 15 වැනි තරගය ඊයේ ආරම්භ වූයේ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකා නායිකාව චමරි ප්‍රථමයෙන් තීරණය කළේ මුලින්ම පන්දුවට පහර දීමටය.

ඊයේ තරගයේ ආරම්භක පිතිකරු යුගල වූයේ චමරි අතපත්තු සහ විස්මි ගුණරත්නය. ආරම්භක පිතිකරු යුගලය ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම අගනා ලෙස ගොඩනගමින් ඉදිරියට ගෙන ගියේ ඉතා ඉහළ ලකුණු සංඛ්‍යාවකට යෑමේ බලාපොරොත්තු සහිතවය. නවසීලන්ත පන්දු යවන්නියන්ට ඉතා පහසුවෙන් මුහුණ දුන් චමරි ශ්‍රී ලංකා ලකුණු පුවරුව 101ක් තිබියදී දැවී ගියේ සොෆී ඩෙවීන්ගේ පන්දුවකටය. චමරි දැවී යනවිට ලකුණු 53ක් ලබා සිටි අතර ඇගේ 19 වැනි ජාත්‍යන්තර අර්ධ ශතකය මෙය වෙයි. ඇගේ ඉනිමට හතරේ පහර හතක් අන්තර්ගත වූ අතර විශ්මිට හසිනි එක්ව යළිත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට ගෙන ගියහ. 29 වැනි පන්දු වාරයේ විශ්මි ගුණරත්න දැවී ගියේ ලකුණු 42ක් ලබා සිටියදීය.

හසිනි පෙරේරා සමග හර්ෂිතා සමරවික්‍රම තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ක්‍රීඩා කළ අතර හසිනි පෙරේරා අර්ධ ශතකය ආසන්නයටම පැමිණ අවාසනාවන්ත ලෙස දැවී ගියේ ලකුණු 44කටය. ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 188ක් ලබා සිටියේ පන්දු වාර 40ක් අවසානයේදී ඉතා ශක්තිමත් මට්ටමක ශ්‍රී ලංකා ඉනිම ගලා ගිය අතර 4 වැනි කඩුල්ල වෙනුවෙන් හර්ෂිතා සමරවික්‍රම දැවී ගියේ ලකුණු 26කටයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකාරිනියෝ ඉනිමට සාධාරණය ඉටුකරමින් ලකුණු රැස් කළ අතර අවසාන පන්දු වාර දහය තුළදී වේගවත්ව ඉදිරියට යමින් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 258 ලබා ගත්තේ නවසීලන්තයට අභියෝගාත්මක ඉලක්කයක් ලබා දෙමිනි.

තරගයේ අවසාන භාගයේදී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ නිලක්ෂි ද සිල්වා අගනා අර්ධ ශතකයක් ලබාගත් අතර චමරිගෙන් ඇරඹූ ගමන නිලක්ෂිකා අවසන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල තැනකට ගෙන එමිනි.

නිලක්‍ෂිකා සිල්වාගේ තෙවැනි අර්ධ ශතකය ද මෙය වෙයි.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව

විශ්මි ගුණරත්න 42

චමරි අතපත්තු 53

හසිනි පෙරේරා 44

හර්ෂිතා සමරවික්‍රම 26

කවීෂා දිල්හාරි 4

නිලක්‍ෂිකා ද සිල්වා 55

පියුමි වත්සලා 7

අනුෂ්කා සංජීවනී 6

අතිරේක 21

මුළු ලකුණු 258

පන්දුවාර 50

කඩුලු – 06

සුසිල් ජයකොඩි ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට

සංස්කරණය – සුසිල් ජයකොඩි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here