ලොරියක ගැටුණු පාසල් සිසුවිය මරුට

0
3

මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පාසල් සිසුවියක් ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් එම පාසල් සිසුවිය මියගොස් තිබේ.

ඇලපාත පොලිස් වසමේ කනාදොල ඉලුක්තැන්න මාර්ගයේ අංක 79 රබර් වතුයාය ආසන්නයේදී ඊයේ (06) දහවල් කාලයේදී මෙම අනතුර සිදුවී ඇත. 

පොලීසිය සඳහන් කළේ, අනතුරින් තුවාල ලැබූ සිසුවිය රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මියගොස් ඇති බවය.

මියගිය සිසුවිය වයස අවුරුදු 11ක් වූ අලුකැටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

අනතුර සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇලපාත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here