ලස්සන head band එකක් හදමු

0
17


ඔබේ පුංචි දෝණිත් විසිතුරු head bandවලට කැමතිද? එහෙමනම් වෙළඳපළේ ඇති විසිතුරු head bandවලට නොදෙවෙනි වෙන්නට අඩු වියදමින්, පුංචි වේලාවක් වැයකර ලස්සනම ලස්සන head band එකක් මේ විදිහට හදමු

අවශ්‍ය ද්‍රව්‍ය:

සාදන අයුරු:

ගම් හැලෙන්න පුළුවන් නිසා පළමුවෙන්ම පරණ පත්තර කිහිපයක් එළාගන්න. Headband එකේ එක් කෙළවරක ඇතළතින් නූල ගම් ගා අලවාගන්න. නූලේ මුල් කොටස වැසෙන්නට නූල් ඔතාගන්න. Headband එකේ දත් වැනි කොටස් අතර දෙවර බැගින්වන ලෙස නූල් ඔතාගන්න.  මේ ආකාරයෙන් මුළු headbandඑකම ඔතාඉවරවුණු පසු ගම්ගා නූල අලවා නූලේ අග කොටස කපා ඉවත්කරගන්න. Rhinestone trim එක Headband එකේ එක් කෙළවරක සිට අන් කෙළවර දක්වා ඇද නොවන සේ තබා අලවාගන්න. පෙර පරිදිම නූල ඔතන්න. විශේෂයෙන්ම     rhinestone අතර හිඩැස් නොසිටිනසේ 4 වරක්වත් නූල ඔතාගන්න. මුළු headbandඑකම මෙලෙස ඔතාඉවරවුණු පසු ගම්ගා නූල අලවා වැඩි කොටස් කපා ඉවත්කරන්න.

Rhinestone trimඑක වෙනුවට ලේස් වැනි දෙයක් යොදාගන්නත් පුළුවන්. මෙය පැය භාගයක්වත් ගත නොවෙන ඉතාමත්ම පහසු නිර්මාණයක්. පුංචි දෝණි සමඟ අත්වැඩක් ලෙස නිර්මණය කරන්න වගේම තෑග්ගක් ලෙස ලබාදෙන්නටත් කදිමයි.

– කල්හාරි –

 unnamed-2unnamedunnamed-1 unnamed-3 unnamed-4 unnamed-5 unnamed-6  unnamed

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here