මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් දීර්ඝ වෙයි

0
3

ප්‍රකාශයට පත් කර ඇති මහජන හදිසි තත්ත්වය තවත් මසකින් දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 104කින් සම්මතවී තිබේ.

හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කිරීමට සමගි ජන බලවේගය විරෝධය සටහන් කළ අතර සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසයේ මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර පොන්නම්බලම් ඡන්දයක් ඉල්ලා සිටියේ ය.

ඡන්ද විමසීමේදී මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කිරීමට පක්ෂව ඡන්ද 106 ලැබුණු අතර විරුද්ධව ලැබුනේ ඡන්ද 02 පමණයි.

මේ අතර අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා ඒකමතිකව සම්මත කරගන්නා ලදී..

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here