අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළේය.
ඇයව මහේස්ත්‍රාත් නිල මැදිරියට අද (06) පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ නියෝගය ලබාදුන්නේය.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අයථා ලෙස උපයන ලද මුදල් විශුද්ධීකරණය කිරීමට සහය සහ ආධාර අනුබල ලබාදීමේ චෝදනාවට අදාළව ඔහුගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට ගෙන තිබුණි.
Saru News










