නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට තැත් කිරීමේදී ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද රුපියල් මිලියන 852ක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් ඊයේ (14වැනිදා) මුතුරාජවෙල විදුලි ජනන බලාගාරයේදී විනාශ කරනු ලැබීය.
2023 වසරේදී රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් විදේශීය රටක නිෂ්පාදිත ව්‍යාජ දුම්වැටි මිලියන 5.5ක් මෙලෙස විනාශ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පැවසීය.
කාම්බෝජියාවේ සිට ශ්‍රී ලංකාව හරහා සෝමාලියාවට ප්‍රතිඅපනයනය කරන ලෙස රේගුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර මෙම දුම්වැටි තොගය ගෙන්වා තිබූ බවද චන්දන පුංචිහේවා මහතා කියා සිටියේය.
මෙම දුම්වැටි තොගය යම්කිසි ලෙසකින් රටතුළට ඇතුළු වූයේ නම් රජයට රුපියල් මිලියන 475ක තීරු බදු අහිමිවීමක් සිදුවීමට තිබූ බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ඇතුළු රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Saru FM Media