කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

0
3

සටහන – රුවන් නෙළුගොල්ල

අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ, ඇයව අද (06) පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

එහිදී ඇයව රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා විසින් අයථා ලෙස උපයන ලද රුපියල් ලක්ෂ 300ක මුදලක් විශුද්ධීකරණය කිරීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනාවට අදාළව චමිත්‍රී රඹුක්වැල්ලව අල්ලස් කොමිසම විසින් අද පෙරවරුවේ අත් අඩංගුවට ගෙන තිබිණි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here