කුරුලෑ වලින් ඔබේ මුහුණ ආරක්ෂා කරන ස්වාභාවික ටෝනර් එකක් නිවසේදීම හදමු

0
13


රූපලාවණ්‍ය කටයුතු වලදි අත්‍යවශ්‍යයම දෙයක් තමයි ටෝනර් එකක් කියන්නේ.නමුත් ගොඩක් දෙනා හරියටම දන්නේ නෑ ඇත්තටම මේ ටෝනර් එකක් කියන්නේ මොකද්ද කියන එක සහ ටෝනර් එකක් පාවිච්චියෙන් ලැබෙන වාසි ගැන.

නමුත් කෘතිම ටෝනර් වර්ග භාවිතා කරන්න බොහෝ දෙනෙක් අකමැතියි. ඇත්තෙන්ම ස්භාවික දෘව්‍ය වලින් නිශ්පාදනය කරන දෙවල් වලට වඩා කෘතිමව නිපදවූ දෙවල් වලින් යම් හානියක් ඔබේ සමට ඇතිවීමේ ඉඩක්ද තිබෙනව. ඉතින් ඔබේ නිවසේදීම ස්භාවික ටෝනර් එකක් පිලියෙල කර ගන්න හැටිත් මේ ලිපියෙන් ඔබට කියන්නයි අපි සූදානම් වෙන්නේ.

මුහුණ සහ ගෙලප්‍රදේශයේ ආ⁣ලේප කරන දියරමය ආලේපනයක් නැතහොත් විශබීජ වලින් සම ආරක්ශා කරන බාධකයක් ලෙසත් තමයි ටෝනර් එකක් ලෙස හඳුන්වන්නේ. විශේෂයෙන්ම ඔබේ මුහුණ ෆේස් වොෂ් එකකින් හෝ ක්ලෙන්සර් එකකින් පිරිසිදු කලාට පසුව මුහුණෙහි තවත් කුනුදුහුවිලි හෝ මේකප් ඉතිරිවී ඇත්නම් ඒවා ඉවත් කිරීමේ හැකියාවක් ටෝනර් වලට තියනව . ඒ වගේම හුමාලය ඇල්ලිමෙන් පසුව සහ ස්ක්‍රබ් කිරීමෙන් පසුව සමෙහි විවර වී ඇති සිදුරු වසා දැමීමටත් ටොනර් උපකාරී වෙනව.

ඔබ හුමාලය ඇල්ලීමේදි , ස්ක්‍රබ් කිරීමේදි ඔබේ සමේ ඇති සිදුරු විවෘත වෙනවා.එම සිදුරු නැවත වසා දැම්මේ නැත්නම් එම සිදුරු තුලින් ඔබේ සමට කුණු දූවිලි ඇතුල් වීම සිදු වෙනවා.

එමගින් සමෙහි කුරුලෑ, බිබිලි හෝ ආසාත්මිකතා ඇති වීමේ හැකියාවක් තියනවා. ටෝනර් එකක් ආලේප කිරීම මගින් එවැනි තත්වයන් ඇතිවීම සම්පූර්ණයෙන්ම වළක්වනවා

වෙළෙඳපොළෙන් මිළදී ගන්න ටෝනර් වර්ග වල අනිවාර්යයෙන්ම කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු වෙනවා.එවැනි කෘතිම රසායනික අඩංගු ටෝනර් එකකට වඩා ඔබ නිවසේදි සකස් කරගන්නා ටෝනර් වර්ග ඔබේ සමට හිතකර වෙනවා

ස්වාභාවික ද්‍රව්‍ය ඇතුලත් කර සකස් කරගන්නා ටෝනර් වර්ග වලින් ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල වගේම සමට ඉතා හොඳ තෙතමනයක් සහ ආරාක්ශාවක් ඔබට ලබා ගන්නට පුලුවන්

ඔබ ස්වාභාවික ටෝනර් වර්ග ආලේප කිරීමට හුරු වනවා නම් ඔබට මෙය අනිවාර්යයෙන්ම අත්විඳින්නට වාසනාව ලැබෙනවා.ස්වාභාවික ටෝනර් වර්ග මගින් ඔබේ සම ආරාක්ශා කරමින් සමට නැවුම් බවක් ලබා දෙනවා

පිපිඤ්ඤා යුෂ
කැරට් යුෂ

පිපිඤ්ඤා යුෂ සහ නැවුම් කිරි
කැරට් යුෂ සහ නැවුම් කිරි
අල යුෂ,දෙහි සහ නැවුම් කිරි ( මෙම ටෝනර් එක පිග්මන්ටේශන් සහිත සමකටද වඩාත් සුදුසු වේ)

පිපිඤ්ඤා යුෂ සහ දොඩම්
පිපිඤ්ඤා යුෂ සහ ලෙමන්
කෝමාරිකා සහ දොඩම්
කෝමාරිකා සහ නැවුම් කිරි
කැරට් යුෂ සහ ලෙමන්

මේවා සියල්ල ස්වාභාවික ටෝනර් වර්ග බැවින් මේවා සකස් කල පසු කල් තියාගැනීමට නම් ශීතකරණයේ තැබිය යුතුය

දින දෙකකට වඩා මෙවැනි ස්වාභාවික ටෝනර් එකක් ශීතකරණයේ තබා වුවත් භාවිතා නොකල යුතුය

ශීතකරණයේ තබා පිටතට ගත් සැණින් අධික සීතල සහිතව ටෝනර් එක මුහුණේ ආලේප කිරීමෙන් ස්නායු වලට හානි වීම සහ සම වියළීම සිදු විය හැකි බැවින් ශීතකරණයෙන් පිටතට ගෙන මද වේලාවකට පසුව ටෝනර් එකක් ආලේප කරන්නට වග බලා ගන්න

ශීතකරණයේ තබා දිනක් පසු වන විටත් එහි වර්ණයේ , සුවඳේ වෙනසක් ඇත්නම් එය භාවිතා නොකල යුතුය

ඉතින් මේ විදියට ඔබ ඔබේ සමට ස්වාභාවික සත්කාර කිරීමට උනන්දු වනවා නම් ඔබට අතුරු ආභාධ රහිතව ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට හැකියාව තියනවා



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here