සෝලා පැනල සඳහා නව ගාස්තු ක්‍රමවේදයක්

0
2

‍පියසි මත සවිකරන සෝලා පැනල සමග ඒකාබද්ධ කරන ලද බැටරි බලශක්ති ගබඩා පද්ධති මගින් විදුලිය මිලදී ගැනීම සඳහා වු නව ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබේ.

මෙම නව ක්‍රමවේදය යටතේ විදුලි ඉල්ලුම වැඩිම කාලය වන පස්වරු 6.30 සිට රාත්‍රී 10.30 දක්වා බැටරි ගබඩා පද්ධතිවලින් මුදා හැරෙන පැයට කිලෝවොට් එකක විදුලි ඒකකයක් සඳහා රුපියල් 45යි ශත 80ක් ගෙවීමට විදුලි බල මණ්ඩලය තීරණය කර ඇත.

අධික ඉල්ලුමක් සහිත රාත්‍රී කාලයේ දී ජාතික පද්ධතියට සැපයීම සඳහා දිවා කාලයේ දී සුර්ය ශක්තියෙන් නිපදවන විදුලිය ගබඩා කිරීමට, සුර්ය බලශක්ති නිෂ්පාදකයින්ට බලශක්ති ගබඩා තාක්ෂණ  භාවිතා කිරීම දිරි ගැන්වීම මෙම නව ගාස්තු ක්‍රමවේදය මගින් අපේක්ෂා කෙරේ.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here