ශ්‍රී ලංකා-නවසීලන්ත තරගය අද

0
2

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරගය අද (14දා) පැවැත්වීඹට නියමිතය.

කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය අද (14දා) පස්වරු 03ට ආරම්භ වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ සහභාගි වන තෙවැනි තරගය මෙය වන අතර මේ දක්වා ජයග්‍රහණයක් වාර්තා කිරීමට අපොහොසත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවදුරටත් රඳවා ගැනීම සඳහා මෙම තරගයේ ප්‍රතිඵලය තීරණාත්මකය.

ශ්‍රී ලංකාව ඉන්දියාව සහ එංගලන්තය හමුවේ තරග 2ක් පරාජය වූ අතර ඔස්ට්‍රේලියාව සමග තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු විය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here