මනූෂගේ ඇප ඉල්ලීම ඉවතට

0
2

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ ඉල්ලීම නිෂ්ප්‍රභ කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය ලබා දුන් අතර ඔහුට හෙට (15දා) දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන බවත් ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ඉකුත් රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී අක්‍රමිකතාවක් සිදු වී ඇතැයි සඳහන් කරමින් අල්ලස් කොමිසම විසින් විමර්ශනයක් සිදුකරන බැවින් එම විමර්ශනය හේතුවෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් අධිකරණයට ඉදිරිපත් කළ සිය අපේක්ෂිත ඇප පෙත්සමේ සඳහන් කර තිබුණි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here