දෙතොල් ආරක්ශා කරගෙන හරියටම ලිප්ස්ටික් භාවිත කරන්නේ කොහොමද ?

0
11


මේකප් එකක අත්‍යවශ්‍යම සහ මේකප් එකේ පෙනුම වැඩිදියුණු කරන අංගයක් තමයි ලිප්ස්ටික් කියන්නේ. Liquid lipstick , matte lipstick , long lasting lipstick වගේ ලිප්ස්ටික් වර්ග බොහොමයක් මේ වෙනකොට වෙළඳපොලේ තියෙනවා. නමුත් ඔබ හොඳ වෙළඳ නාමයක් යටතේ නිෂ්පාදනය කළ ගුණාත්මක භාවයකින් යුතු ලිප්ස්ටික් එකක් භාවිතා කළේ නැත්නම් එය ඔබේ තොල් වලට දිගු කාලීන හානි ඇති කරන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔබ තොල් ආලේපන ආලේප කරන විදියත් ඔබේ තොල්වල පැවැත්මට බලපානවා. මේ ලිපියෙන් අපි ඔබට කියන්නට සූදානම් වන්නේ තොල් ආරක්ෂා කරගෙන හරියටම ලිප්ස්ටික් ගල්වන්නේ කොහොමද කියලයි.

ඕනෑම ආකාරයක මේකප් එකක් ( ලිප්ස්ටික් ඇතුලුව ) කරනකොට ඔබ කරන ප්‍රධානතම වරදක් තමයි පෙර සූදානම මග හැරීම. මේ පෙර සූදානම මේකප් එකකට අත්‍යවශ්‍ය වන අතර ඒ මගින් ඔබට මේකප් එකක් කිරීම සඳහා සම මත සුමට මතුපිටක් සකස් කර දෙනවා. මේකප් එක අවසානයේදී එය සම මතුපිට ඒකාකාරීව , විචිත්‍රවත්ව සහ වර්ණවත් ලෙස දිස්වීමට මේ පෙර සූදානම වැදගත් වෙනවා. ලිප්ස්ටික් ආලේප කිරීම සම්බන්ධයෙන් ගත් විටත් එය පොදු කාරණාවක්. 

ලිප්ස්ටික් එකක් ආලේප කරන්නට කලින් ඔබේ තොල්වල ඇති මැරුණු සෛල ඉවත් කර ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක්. ලිප්ස්ටික් කාලයක කල පසු දෙතොල් වියළි ස්වභාවයක් ගැනීම සහ පොතු ගැලවී යාම සිදුවන්නේ ලිප්ස්ටික් ආලේප කිරීමට පෙර මැරුණු සෛල ඉවත් නොකිරීම නිසයි. ඒ නිසා ලිප්ස්ටික් ආලේප කරන්නට කලින් හොඳ ලිප් ස්ක්‍රබ් එකක් මගින් දෙතොල් වල මැරුණු සෛල ඉවත් කර ගන්න අමතක කරන්න එපා. 

දෙතොල් බොහෝ වේලාවට වියළුණු ස්වභාවයක් ගන්නා අතර එය එසේ වීම වළක්වා ගැනීමට නම් දෙතොල් වල තෙතමනය ආරක්ෂා කර ගැනීම වැදගත් වනවා. මේ සඳහා හොඳ ලිප් බාම් එකක් භාවිතා කිරීම වැදගත්. ඒ නිසා මේකප් එකක් කිරීම ආරම්භයේදී දෙතොල් වලට ලිප්බාම් එකක් ආලේප කිරීමෙන් ආරම්භ කරන්න. 

ඔබේ මුළු මුහුණේම තෙතමනය ආරක්ෂා වී තිබීම ඔබේ දෙතොල් වල පෙනුමටත් බලපානවා.ඔබේ දෙතොල් වටා ඇති සමේ සියුම් රේඛා සහ රැලි ඇතිවීමට ඉඩ ඇති අතර එය වළක්වා ගැනීමට විශේෂයෙන්ම එම ප්‍රදේශයේද තෙතමනය ආරක්ෂා වී තිබීම වැදගත්. 

බොහෝ දෙනෙක් නොකරන පියවරක් තමයි ලිප්ලයිනර් එකක් භාවිතා නොකිරීම. නමුත් ඔබේ දෙතොල් වල නිවැරදි හැඩය ඉස්මතු කර පෙන්වීමට මේ ලිප්ලයිනර් එකක් භාවිතා කිරීම  අනිවාර්ය වෙනවා. ඒ වගේම ඔබේ දෙතොල් සිහින් නම් එය විශාල කර පෙන්වීමටත්, ඔබේ දෙතොල් විශාල නම් එය සිහින් කර පෙන්වීමටත් මේ ලිප්ලයිනර් එකට හැකියාව තියෙනවා.

ලිප්ස්ටික් ආලේප කිරීම ආරම්භ කළ යුතු වන්නේ දෙතොල් වල මැද සිටයි. දෙතොල් වල මැද සිට දෙපසට ක්‍රම ක්‍රමයෙන් ලිප්ස්ටික් ආලේප කල යුතු වන අතර ලිප් ලයිනර් එක ඇතුලත සීමාවේ ලිප්ස්ටික් ආලේප කිරීමටත් ඔබ වග බලා ගත යුතුයි. 

වර්තමානයේදී බොහෝ දෙනා පැය ගණනාවක් පුරාවට සුරැකිව තිබෙන මැට් ලිප්ස්ටික් භාවිතා කලත් සමහර අවස්ථාවල ඉතා හොඳ පෙනුමක් ගැනීමට ඔබ භාවිතා කරන ලිප්ස්ටික් එක මතට ලිප් ග්ලොස් එකක් භාවිතා කරන්න පුළුවන් . එයින් ඔබේ දෙතොල් වල පැහැය ඉස්මතු කර පෙන්වන්න වගේම ඔබේ මේකප් එකටත් හොඳ පෙනුමක් ලබාගන්නට පුළුවන්. 

ලිප්ස්ටික් ආලේප කිරීමේදි ඔබ නොදැන සිටි , නමුත් ඔබ සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයක් තමයි මේ ලිපියෙන් අපි ඔබට ගෙනාවේ. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here