යාපනයේ නිවසක නවතා තිබූ ත්‍රීරෝද රථයකට හා යතුරු පැදියකට ගිනි තියලා

0
2

යාපනයේ මනිපායී සන්දිලිපායී ප්‍රදේශයේ නිවසක් තුළ නවතා තිබූ ත්‍රී රෝද රථයකට හා යතුරු පැදියකට කිසියම් පිරිසක් විසින් ගිණි තබා විනාශ කොට තිබේ.

මුහුණු ආවරණය කරගෙන පැමිණි කණ්ඩායමක් නිවසේ වැසියන්ට තර්ජනය කොට ත්‍රී රෝද රථයට එම ස්ථානයේදීම ගිණි තබා ඇති අතර යතුරු පැදිය මද දුරක් ගෙන ගොස් ඊට ද ගිණි තබා ඇත.

මේ රථ දෙකට ගිණි තැබීමෙන් සිදුව ඇති හානිය රුපියල් ලක්ෂ විසි පහක් පමණ වන බව ඒවායෙහි අයිතිකරු මනිපායී පොලීසියට කළ පැමිණිල්ලේ සදහන්ය. මෙම රථ වලට ගිණි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

පෞද්ගලික කෝන්තරයක් මත හෝ ඊර්ෂ්‍යා සහගත සිද්ධියක් නිසා සහාසිකයින් පිරිස මෙම අපරාධය සිදු කරන්නට ඇතැයි සැකකරණ මනිපායී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here