බලන්ගොඩ පින්නවල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට 12 වැනිදා පැමිණි පියා, මව සහ පුතු ඇතුළු පවුලේ කිහිපදෙනකු අතර සිදුවූ බහින්බස් වීමක් දුරදිග ගොස් පුද්ගලයකු තමා විසින් ඉනේ සඟවාගෙන තිබූ පිහියකින් තම ගෙල සහ අත කපාගෙන ඇත. මෙම සිද්ධිය බේරුම් කිරීමට ඉදිරිපත් වූ පොලිස් නිලධාරියාට ද සුළු තුවාල සිදු වී ඇත.
මෙම සිද්ධියේ දී තුවාල ලැබූ බලන්ගොඩ වලවේවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 21 හැවිරිදි පුද්ගලයා පොලිසිය විසින් බලන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මේ වන විට එහි ප්‍රතිකාර ලබන බව රෝහල් පොලිසිය සඳහන් කළේය.
වැඩිදුර පරීක්ෂණ පින්නවල පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. සුදේශ් නාලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
බලන්ගොඩ – එන්. එච්. පියසේන
Saru FM Media