ලෝකයේ ලස්සනම කාන්තාවන් ජීවත් වන රටවල්

0
14


ලෝකයේ ඉහළ පෙළේ නිරූපිකාවන් ජිවත්වන රට තමයි බ්‍රසීලය. සරාගී, ක්‍රීඩාශීලී සහ ආකර්ෂණීය සිරුරක් හිමිව උපදින බ්‍රසීල කාන්තාවෝ හඳුන්වන්නේ මිහි බට සුරූපිනියන් හැටියටයි.

අන් අය පොළඹවනසුළු, සිහින් දිගැටි නිල් පැහැති ඇස්, කැලැල් නොමැති සම, පෞරුෂයට වැඩි වටිනාකමක් එක් කරන උස රුසියානු යුවතියන්ගේ සුන්දරත්වය තීව්‍ර කරවනවා.

විශ්ව රූ රැජින සහ ලෝක රූ රැජින තරග ජයගත් බොහෝ සුරූපිනියන්ගේ නිජබිම වෙනිසියුලාව. සිහින්, හැඩැති සිරුර, වාත්තු කළාක් වැනි සුන්දර මුහුණු වෙනිසියුලානු යුවතියන්ට උපතින්ම උරුම වෙනවා.

බහු වාර්ගික විවිධත්වයක් ඇති රටක් වන ඉන්දියාව ලෝකයට බොහෝ සුරූපිනියන් බිහිකළා. දිලිසෙන සම සහ කෝමල බවින් ඔද වැඩුණු ඉන්දියානු යුවතියන් සැබැවින්ම සුරූපිනියන්.

ආර්ජන්ටිනාවේ යුවතියන් තමන්ගේ සමට සහ කොණ්ඩයට උපරිම සත්කාර කරන පිරිස විදියට තමයි ප්‍රසිද්ධ. දිලිසෙන හම වැහෙන්න කළු පැහැති ඇඳුම් අඳින ආජන්ටිනාවේ යුවතියන් උණුසුම්ව කැපී පෙනෙනවා.

ආකර්ෂණීය සිරුරකට හිමිකම් කියන සර්බියාවේ යුවතියන්බොහෝ සුන්දර විලාසිතා අනුගමනය කරන පිරිසක් බව ප්‍රසිද්ධයි.

සාමාන්‍ය උසකට හිමිකම් කියන දකුණු කොරියානු යුවතියන් වඩාත් කැපී පෙනෙන්නේ ඔවුන්ගේ හුරුබුහුටි මුහුණ නිසා.

විලාසිතාවලට තියෙන සියුම් අවධානය, ලාලිත්‍යය, ප්‍රේමාන්විත පරිසරය නිසාම ප්රංණශයේ යුවතියන් ලෝකයේ කැපිලා පේනවා.

ඔලිව් තෙල් ආලේප කළාක් මෙන් දිලිසෙන රැස් විහිදෙන ශරීරය, දුඹුරු පැහැති හිස කෙස් ඉතාලි යුවතියන්ගේ පෙනුමට සුන්දරත්වයක් එක් කරනවා.

කලාතුරකින් පිහිටි ලස්සනකින් යුතු සුරූපිනියන් දකින්නට ලැබෙන රටක් තමයි යුක්රේනය.

රූප සුන්දරියන් තෝරනා තරගවලින් සෑම අවස්ථාවකම පාහේ ජයගන්නා රටක් ලෙස පිලිපීනය ඉතා ප්‍රසිද්ධයි. උපතින් ලැබෙන ලස්සනටත් හුරුබිහුටි පෙනුමටත් අමතරව ඔවුන් සිය පවුලට දක්වන සැලකිලිමත් බව හා පවුලට දක්වන නැඹුරුව හා ආදරය පිලීපීන කතුන්ගේ දැකිය හැකි සුවිශේෂි ලක්ෂණයක්.

මිශ්‍ර සංස්කෘතියක ජීවත්වන බ්‍රිතාන්‍ය  කාන්තාවන් උගත් සහ බුද්ධිමත් අය. උපතින් ලැබුණු ලස්සනට අමතරව විලාසිතා පිළිබද තිබෙන්නා වූ මනා අවබෝධය නිසා ම ඔවුන් අන් අය අතර කැපී පෙනෙනවා.

 – නිරංජලා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here