පනාමුර ප්‍රදේශයට ධාරානිපාත වර්ෂාවෙන් දැඩි බලපෑම්

0
12


ඇඹිලිපිටිය, පනාමුර ප්‍රදේශයට අද (⁣27) පස්වරුවේ ඇඳහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසක පස්කඳු කඩාවැටීම් සිදුව තිබේ.

ඉන් පනාමුර පොලිස් වසමේ කැම්පනේ, ඕමල්පේ, ගොඩවෙල, දාපනේ දොරපනේ යන ප්‍රදේශවලට දැඩි බලපෑම් එල්ල වී ඇත.

ඇඳහැළුණු වර්ෂාවත් සමග පස්කදු කඩාවැටී ඇඹිලිපිටිය – දොරපනේ මාර්ගයේ ගොඩවෙල හා කැම්පනේ ප්‍රදේශවල මාර්ගය දෙපස පස්කඳු හා ගස් කඩාවැටී මාර්ගය අවහිර වී තිබේ.

එමෙන්ම දොරපනේ සිට ඌරුබොක්ක දක්වා යන මාර්ගයේ ද ගොඩවෙලකන්ද සහ කැම්පනේ ප්‍රදේශවලින් අවහිරවී ඇත. 

මේ හේතුවෙන් ජනතාවට විකල්ප මාර්ග භාවිතා කරන මෙන් උපදෙස් ලබාදී ඇත.





Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here