ඇප ලැබුණු පීසීට මල්මාලා පලඳවා ප්‍රීති ඝෝෂා මැද කර මතින් රැගෙන යති

0
2

ගල්කිස්ස අධිකරණ භූමියේදී ඉකුත් 10 දා හටගත් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඊයේ (13දා) ඇප මත මුදාහරින ලද පොලිස් නිලධාරියා අධිකරණ පරිශ්‍රයෙන් පිටතට පැමිණෙද්දී එහි රැස්ව සිටි දහස් සංඛ්‍යාත සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් ඔහුට මල්මාලා පලඳවා, ප්‍රීති ඝෝෂා නගමින් කර මතින් රැගෙන ගියහ.

ඇප ලැබීමෙන් පසුව අධිකරණ භූමියේ සිට මෝටර් රථයකින් පිටතට පැමිණි පොලිස් නිලධාරියා මෝටර් රථයෙන් බස්සවා ගත් පිරිස ඔහුට මල් මාලා පලඳවා, මල් පොකුරු පිරිනමා ඔසවාගෙන ගාලු පාර ඔස්සේ කෙටි දුරක් ගමන් කළහ.

මෙම අවස්ථාවට පැමිණ සිට පොලිස් නිලධාරියාගේ දෙමාපියන් ඇතුළු ඥාතීන් හා සහෝදර පොලිස් නිලධාරීන් ද මහත් ප්‍රමෝදයට පත්ව සිටි අයුරු දැකගත හැකි විය.

තමා වෙනුවෙන් පෙරට ආ ජනතාවට ආචාර කරමින් රැස්ව සිටි විශාල පිරිසකගේ කර මතින් ගමන් කළ පොලිස් නිලධාරියා දැකබලා ගැනීමට මග දෙපස විශාල පිරිසක් ද රැස්ව සිටියහ.
කමල් බෝගොඩ හා රත්මලාන පින්සිරි ආරියරත්න

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here