ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: නව විගණකධිපතිවරිය ලෙස සමුදිකා ජයරත්න මහත්මිය සිය ධූරයේ වැඩ භාරගැනීම ඊයේ (05) විගණකාධිපති දෙපාර්තමේන්තුවේදී සිදු වූ අතර ඇයව පිළිගැනීම වෙනුවෙන් එහිදී උත්සවයක් සංවිධානය කර තිබුණි.
හිටපු විගණකාධිපති විශ්‍රාම යාමෙන් පසු මාස 08කට වැඩි කාලයක් පුරා එම තනතුරට සුදුසු නිලධාරියෙක් පත් කිරීමට නොහැකි වී තිබුණ අතර ජනාධිපතිවරයා අවස්ථා කිහිපකදීම නම් යෝජනා කළද ව්‍යවස්ථාදායක සභාව විසින් ඊට අනුමැතිය හිමි නොවුණි.
කෙසේවෙතත් අවසන්වරට යොමුකරන ලද සමුදිකා ජයරත්න මහත්මියගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමැත කරන ලද අතර ඇයගේ නම් මීට ඉහතදී ද ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු කර තිබුණි.
කෙසේවෙතත් මෙම තනතුර පුරප්පාඩුව පැවතීම සම්බන්ධයෙන් ආන්දෝලනයක් පැවති අතර ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන නම් සම්බන්ධයෙන් දේශපාලන මෙන්ම ඊට බාහිර පාර්ශව විසින් විවේචන එල්ලකරමින් පැවතුණි.
එවැනි පසුබිමක් මත සමුදිකා ජයරත්න නව විගණකාධිපති ලෙස පත්වීමෙන් අනතරුව ඊයේ දින කථානායකවරයා හමුවේ සිය රහස්‍යභාවය පිළිබඳ දිවුරුම්ද ලබා දී රාජකාරී භාරගැනීම සිදුවිය.
එම වැඩභාර ගැනීමේ උත්සව සභාව වෙත හිටපු විගණකධිපතිවරුන් මෙන්ම එම ආයතනයේ වෘත්තීය සමිති ඇතුළු නිලධාරීන්, සේවකයින් සම්බන්ධ වී සිටි අතර හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ විසින් උත්සව සභාව අමතමින් විගණන දෙපාර්තමේන්තුව වෙලා සිටින අශුද්ධ සන්ධානයක් පිළිබඳ අනාවරණය කරන ලදී.
එහිදී අදහස් දැක්වූ හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ,
Saru News










