ප්‍රතිසංස්කරණ නැත්නම් ආර්ථික වර්ධනය 3 % ටත් වඩා පහළට ඇද වැටිය හැකියි – නවතම වාර්තාවකින් කියයි

0
4

  • දරිද්‍රතා මට්ටම් තවදුරටත් ඉහළ යාමටත් ඉඩ තිබෙනවා

ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුනොකරන්නේ නම් ශ්‍රී ලංකාවේ  ආර්ථික වර්ධනය සියයට 3 ටත්  වඩා පහළ අගයකට ඇද වැටිය හැකි බවටත් එසේම  දැනටමත් ඉහළ ගොස් ඇති දරිද්‍රතා මට්ටම් තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇති බවටත් ස්වාධීන අධ්‍යයන කණ්ඩායමක් විසින් සකසන ලද නවතම වාර්තාවක් මගින් අනතුරු අගවා ඇත.

වෙළඳ යුද්ධයක සහ අඳුරු ගෝලීය ආර්ථික තත්ත්වයක් පිළිබඳ අවදානම වැඩිවන වාතාවරණයකදී ණය පීඩනයෙන් පෙළෙන ශ්‍රී ලංකා ආර්ථිකයට එමඟින් සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය. හොඳම තත්ත්වයන් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 3 ක් ( මන්දගාමී ) විය හැකි අතර ප්‍රතිසංස්කරණ සිදුනොකරන්නේ නම් එයට වඩා පහළ අගයකට ඇද වැටිය හැකි බව ද එම වාර්තාවේ දැක්වේ.

‘ශ්‍රී  ලංකාවේ පරිවර්තනීය ආර්ථික වර්ධනය තිරසාර කිරීම 2025-2030’ මැයෙන් ODI Global සහ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ අනුග්‍රහය යටතේ මේ වාර්තාව සකසා ඇත.

හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මහ බැංකුවේ වත්මන් සහකාර අධිපතිවරයෙකු වන ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර, මහ බැංකුවේ හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය අධිපතිනි ඉවට් ප්‍රනාන්දු සහ කොළඹ විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය සිරිමල් අබේරත්න ඇතුළු ස්වාධීන අධ්‍යයන කණ්ඩායමක් විසින් මේ වාර්තාව සකසා ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here