අත්අඩංගුවට ගත් චාමරට එල්ලවී ඇති චෝදනා මොනවාද?

0
14


ඌව පළාත් ප්‍රධාන ඇමති ලෙස කටයුතු කළ සමයේ සිදුකර ඇති දූෂිත ගනුදෙනු 03ක් සම්බන්ධයෙන් අද (27) අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් අත්අඩංගුවට ගත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එල්ල වී ඇති චෝදන පහත පරිදි වේ.
01. රාජ්‍ය බැංකු දෙකකින්, රුපියල් මිලියන දෙකහමාරක මුදලක් ඌව පළාත් සභාවට ලබා ගෙන එම මුදල් චාමර සම්පත් දසනායකගේ පදනමේ ගිණුමට බැර කරවා ගැනීම.
02. තවත් රාජ්‍ය බැංකුවතකින් පළාත් සභාවට ලබා ගත් රුපියල් මිලියනයක මුදලක් ප්‍රධාන ඇමති ලෙස බැංකු ශාඛාවකින් කෙලින්ම ඔහු අතට ලබා ගැනීම.
03. තවත් රාජ්‍ය බැංකුවකින් මුදල් ඉල්ලා, කළමණාකාරවරයා එය ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු පළාත් සභාව පවත්වාගෙන ගිය සියළුම ස්ථාවර තැම්පතු එම බැංකුවෙන් ඉවත් කර ගැනීම නිසා රුපියල් මිලියන 23ක පාඩුවක් රජයට සිදු කිරීම.
මෙම චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අද පෙරවරු 9.30ට පමණ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් කොමිසමට කැඳවා තිබූ අතර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගනු ලැබිණි.
මේ වනවිට ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here