මාරක අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

0
2

දිවයින පුරා සිදුවූ මාරක අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කර ඇත්තේ මෙම අනතුරු ඊයේ (12) දිනයේදී පුනරීන් සහ හුංගම ප්‍රදේශයන් හී සිදුව ඇති බවය.

ඒ අනුව පුනරින් පොලිස් වසමේ පරන්තන් පුනරීන් ප්‍රධාන මාර්ගයේ 20 කිලෝමීටර් කණුව ආසන්නයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වාහනයක ගැටී තිබේ.

අනතුරින් පසු අදාළ වාහනය නොනවත්වා ධාවනය කර පලා ගොස් ඇති අතර අනතුරට පත් පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලීසිය පැවසීය. 

සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවුරුදු 82ක් වූ පුනරීන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සිදුකළ වාහනය සහ රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා පුනරීන් පොලීසිය විමර්ශනයක්ද ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර ඊයේ සවස් කාලයේදී හුංගම පොලිස් වසමේ තිස්ස මාතර ප්‍රධාන මාර්ගයේ බටඅත ප්‍රදේශයේදී හුංගම දෙස සිට තංගල්ල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක් මුහුණට මුහුණ ගැටී තිබේ.

අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු, කැබ් රථයේ රියදුරු හා එම කැබ් එථයේ ගමන් කළ කාන්තාවක් බරපතළ තුවාල ලබා රන්න රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ත්‍රීරෝද රථ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවුරුදු 33ක් වූ රන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here