ගාසා තීරයට එක්සත් රාජධානියෙන් පවුම් මිලියන 20ක මානුෂීය ආධාර

0
2

ගාසා තීරයේ වෙසෙන ජනතාව වෙනුවෙන් එක්සත් රාජධානිය විසින් පවුම් මිලියන 20ක මානුෂීය ආධාර පැකේජයක් ලබා දීමට තමන් කටයුතු කරන බව එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් පවසා තිබේ.

ගාසා යුද්ධය අවසන් කිරීම සඳහා වන ලෝක නායකයින්ගේ සමුළුවට අද (13) ඊජිප්තුවේ ෂර්ම් එල් ෂෙයික් නගරය වෙත පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව තිබේ.

එහිදී දෙපාර්ශ්වයේම ජනතාවට ආරක්ෂිතව තම ජීවිත නැවත ගොඩනගා ගැනීමට හැකි වන පරිදි සාම සැලැස්ම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා ඊළඟ අදියරේ සාකච්ඡා සඳහා එක්සත් රාජධානියේ සහාය ලබා දෙන බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා ඇත.

මේ අතර ගාසා තීරයේ ඉතිරිව සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හමාස් සංවිධානය විසින් අද නිදහස් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම ඊශ්‍රායලය විසින් සිර භාරයට ගෙන ඇති පලස්තීන සිරකරුවන් 250 දෙනෙකුද මේ අනුව නිදහස් කිරීමටද පියවර ගෙන ඇති බවද එම මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර එකඟ වූ සටන් විරාම ගිවිසුම යටතේ ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා ඊශ්‍රායලයට යන අතරතුර අමෙරිකානු ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ යුද්ධය අවසන් බවය.

ඔහු එහිදී පවසා ඇත්තේ දැන් සටන් විරාමට පවතිනු ඇති බවත් ගාසා තීරය සඳහා සාම මණ්ඩලයක් ඉක්මනින් පිහිටුවීමට කටයුතු කරන බවත්ය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here