නීතිඥ සංගමයෙන් නිවේදනයක්
නීතිඥවරයකු පොලිස් නිලධාරියකුගේ පහරදීමට ලක්වීම දැඩි සේ හෙළාදකින බවත්, ඕනෑම පුද්ගලයකුට එරෙහිව පොලිසිය මෙලෙස බලය පාවිච්චි කිරීම පිළිබඳව විරුද්ධ වන බවත් සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමිය තුළදී ඉකුත් 10 වැනිදා පොලිස් නිලධාරියකු විසින් නීතිඥවරයකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
අධිකරණ පරිශ්‍රයේ සිදුවූ මෙම සිද්ධිය පිළිබඳ දැඩි කණස්සල්ල පළ කරන බවද එම නිවේදනයේ දැක්වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින බවත්, මෙවැනි සිදුවීම් යළි නොවීමට වගබලාගන්නා ලෙසත් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් නීතිඥ සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දී තිබේ.
ඒ. ජේ. ඒ. අබේනායක සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
Saru FM Media