පරණ ඇදුම් අලුත් කරන ටිප්ස්

0
13


පරණ ඇඳුම් පිරුණු අල්මාරියක් කියන්නේ හිසරදයක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. එහෙත් ඔබ වෙනස්ව හිතන්නට පුරුදු පුහුණු වුන කෙනෙක් නම් එය ගැටළුවක් නෙවෙයි. නිර්මාණශිලිත්වය අපව අලුත් කරනවා. කරදර ලතැවුල් වලින් අපව ඉවතට ගන්නා මග පෙන්වනවා. ඉතින් සුපුරුදු රාමුවෙන් වෙනස්ව හිතන්න කැමති, වෙනස් පෙනුමකින් යුතුව හැමදාම අලුත් වෙන්න කැමති ඔබටයි මේ ටිප්ස් ටික ඉක්මනින්ම අත්හදා බලන්න…

ගමනක් යන්න අල්මාරිය විවර කලාම හැමදාම ඇදපු ඇදුම් දැක්කම එපා වෙනවා නේද ? අපි හදා ගමු අලුත් එකක්. ගන්න ෆැබ්රික් පේන්ට් ටිකක්. පොඩි ස්ප්‍රේ එකක් දාන්න. ඔබට ගැලපෙන විලාසිතාවකට හෝ ඇදුමෙන් බාගයකට හෝ සම්පුර්ණ ඇඳුමටම. දැන් බලන්න. ලස්සන අලුත් පෙනුමක් නේද ?

හරිම වැඩේ, ෂර්ට් එකේ අත ඉරිලා. දැන් මොකද කරන්නේ. ලේස් කැබැල්ලක් හෝ ඔබට අවශ්‍ය නැති වෙන ඇදුමක අතක් හරි අපි සවි කරගමු. ලස්සන විලාසිතාවකුත් වෙයි.

කාලෙකට පස්සේ අල්මාරියෙන් එලියට ගත්ත ඩෙනිම් කලිසම තද නිසා ඉන තෙක් ඉහලට ගන්න අමාරුද ? කලබල වෙන්න දෙයක් නැහැ. කලිසම ගලවන්න. වතුර ටිකක් ස්ප්‍රේ කරන්න. මදක් දෙපසට අදින්න. දැන් ඇඳලා බලන්නකෝ. හරියටම හරි නේද ?

ඩෙනිම් ජැකට් එකේ කොටසක් ඉරිලා හෝ පැල්ලමක් ද ? පරණ ඇදුමක් හොයාගන්න. ඩෙනිම් කොටස කපා එයට අනෙක් එකෙන් කොටසක් ගෙන අලවාගන්න. අනෙක් කොටස ඩෙනිම් ම විය යුතු නැහැ. දැන් බලන්න. කොච්චර ලස්සනද කියලා.

හැමදාම ඇඳපු ටී ෂර්ට් එකට අපි තව පොඩි වෙනසක් කරමු. එහි අත් දෙකේ මැදින් කතුරෙන් පොඩි පැල්මක් දමන්න. දැන් ඒ දෙක එකට ගැට ගසන්න. අත් දෙකම එලෙස සකසා ගන්න. දැන් ටි ෂර්ට් එකේ බෙල්ල වටේ වාටිය ඉතිරි කර වී අකුරේ හැඩයට පොඩි කොටසක් ඉවත් කරන්න. දැන් බලන්න ලස්සන. නවින විලාසිතාවේ අලුත්ම අලුත් පෙනුමකින් යුත් ටි ෂර්ට් එකක්.

ඔබ සතු ඩෙනිම් ජැකට් එකේ ඝනකම් දාර සියල්ලම සුදු පාට ෆැබ්රික් පේන්ට් ආලේප කරමු. රතු, කළු කොළ, වගේ වර්ණත් ගැලපෙනවා. අඳින්න කලින් හොදින් වියලා ගන්න ඕනා කියල මතක තියාගන්න. නූල් සහිත ඩෙනිම් කලිසමක් බර ගානක්. කලබ වෙන්න ඕනේ නැහැ. අපේ ගෙදර තියෙන කලිසමක් තෝරා ගන්න. වාටිය ඉවත් කරන්න. දැන් සිහින් පටි වලට අඟල් දෙකක් පමණ ඉහළට කපා ගන්න. එහි නූල් යවන්න. නූල් බ්ලිචින් දිය කල වතුරෙන් පොගවා ගන්න. මද වෙලාවකින් එය සුදු පැහැයට හැරෙනු ඇති. දැන් ඇඳලා බලන්නකෝ කොච්චර ලස්සනද කියලා. දිග වගේම කොට කලිසම් වලටත් මෙය සුදුසුයි.

– ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here