ඓතිහාසික කැලණිය දුරුතු පෙරහරේ ප්‍රවේශ පත්‍ර මිල දී ගන්න වෙබ් අඩවියක්

0
2

ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේ වාර්ෂික දුරුතු පෙරහර එළැඹෙන ජනවාරි මස පැවැත්වීම සඳහා මේ වනවිට කටයුතු සූදානම් කෙරෙමින් පවතී.

ඒ අනුව මෙවර පෙරහර සංවිධාන කෙරෙන්නේ 99 වැනි වරටය.

ඒ අනුව පෙරහරේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට සහ තොරතුරු යාවත්කාලීන කිරීම වෙනුවෙන් http://KELANIYAPERAHARA.COM වෙබ් අඩවිය එළිදැක්වීම ඊයේ (11) සිදුකෙරුණි.

එහිදී අදහස් දැක්වූ කැලණිය රජමහා විහාරාධිපති  මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි, 

“කැලණිය රජමහා විහාරය බුදුන්වහන්සේගේ පාද ස්පර්ශිත ඓතිහාසික විහාරස්ථානයක්. මෙම විහාරස්ථානය වාර්ෂිකව සංවිධාන කරනවා අලංකාර උත්සවයක්. දුරුතු පෙරහර, ඔබ දන්නා පරිදි මෙය තමයි අපේ කැලැන්ඩරයේ තිබෙන පළමු පෙරහර. මම හිතන්නේ මේ පන්සල වගේම මෙම සංස්කෘතික උත්සවයත් නුවර පෙරහරට පමණයි දෙවැනි වන්නේ. සෑම පෙරහරකටම ව්‍යූහාත්මක වටිනාකමක් තියනවා. මෙම ව්‍යූහාත්මක වටිනාකම මහනුවර පෙරහරේ වගේම කැලණිය පෙරහරෙත් තියනවා.”

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here