විදේශ ආපදා සහනාධාර සම්බන්ධීකරණය සඳහා වූ ජ්‍යෙෂ්ඨ කමිටුව රැස්වෙයි

0
3

විදේශ ආපදා සහනාධාර සම්බන්ධීකරණය සඳහා වූ ජ්‍යෙෂ්ඨ කමිටුව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබේ. 

විදේශ සහනාධාර සම්බන්ධීකරණය සමාලෝචනය කිරීම සහ දැනට ක්‍රියාත්මක ආපදා සහන වැඩසටහන්වල පූර්ණ විනිවිදභාවය හා මෙහෙයුම් කාර්යක්ෂමතාව සහතික කිරීම සඳහා අවශ්‍ය තීරණාත්මක පියවර ගැනීම මෙම රැස්වීමේ අරමුණ වී ඇති බව සඳහන්ය. 

වඩා ක්‍රමාණුකූල සහ විනිවිදභාවයකින් යුතු ක්‍රියාවලියක් තුළින් එම සහනාධාර අවශ්‍ය ජනතාව වෙත සාධාරණව බෙදාහැරීම පිළිබද කමිටු සාමාජිකයින් සාකච්ඡා කර තිබේ. 

එහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පෙන්වා දී ඇත්තේ විදේශ සහනාධාර භාවිතය ප්‍රශස්ත කිරීම සදහා අදාළ සියලුම ආයතන අතර මනා සහයෝගීතාවයකින් යුත් ක්‍රියාමාර්ග අවශ්‍ය බවය. 

මීට අමතරව අවශ්‍ය සියලු දත්ත වාර්තා සහ තොරතුරු ප්‍රමාදයකින් තොරව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කරන ලෙස ඔහු කමිටුවට උපදෙස් ලබා දී තිබේ. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here