අගමැතිනිය චීනයට

0
2

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය ඊයේ (11) රාත්‍රියේ චීනයේ බිජීං හි සංචාරයකට දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ .චීනයේ බිජීං හි පැවැත්වෙන “කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව 2025” සඳහා සහභාගී වීමට අගමැතිනිය මෙසේ පිටත්ව ගොස් තිබේ .
මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනය අනුව , චීනය බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍යවරිය අද (12) සිට ලබන 15 වනදා දක්වා එරට සංචාරය කිරීමට නියමිතව ඇත .
අග්‍රාමාත්‍යවරිය , චීන රජය සහ බිජීං හි පිහිටි එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය එක්ව සංවිධානය කරන “එක් අනාගතයක්: කාන්තාවන් සඳහා නව සහ වේගවත් සංවර්ධනයක්” යන තේමාව යටතේ පැවැත්වෙන කාන්තාවන් පිලිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව ඇමතීමට ද නියමිතය.
මෙම සංචාරයේ දී මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං සහ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය ලී චියැං මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද අග්‍රාමාත්‍යවරිය සහභාගීවීමට නියමිත බව වාර්තා වේ .

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here