මතුගමින් පතුරම් හමුවෙයි

0
2

මතුගම, සිරිකදුර, නාගහවල ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසල තිබී ජීව පතොරම් තොගයක් සොයාගෙන තිබේ.

පොලිසියට අනුව, සොයාගත් භාණ්ඩ අතර එම්පීඑම්ජී උණ්ඩ පනහක්, ටී-56 උණ්ඩ හයක්, ෂොට්ගන් උණ්ඩ දෙකක්, 38 වර්ගයේ උණ්ඩ හයක් සහ මිලිමීටර් 9 පිස්තෝල උණ්ඩ දොළහක් ඇතුළත් වේ.

පතොරම් තොගය එම ස්ථානයේ දමාගිය සැකකරුවන් පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here