තරුණ පෙනුම රැක දෙන ෆේශල් එක්සසයිස්..

0
13


තරුණ පෙනුමක් පවත්වාගෙන යන්න ඕනම කාන්තාවක් කැමතියි. ඒ සඳහා මුහුණේ මාංශ පේශීන් මෙන්ම සමේ ස්ථර මත ක්‍රියා කරන සහ එමගින් රුධිර සංසරණය වැඩි කරන ව්‍යායාම මේ වන විට බොහෝමයක් තියෙනවා. ඒවා මගින් සම එල්ලා වැටීම , සමේ රැලි වැටීම සහ වියපත් වීමේ ලකුණු ඇති වීම වැලැක්වීම සිදු කරමින් තරුණ පෙනුම රැක දෙනවා.

ඔබ පුදුමයට පත් වූවාක් මෙන් ඔබේ ඇහි බැම දෙකම ඔසවමින් ඔබේ නළල මෘදු ලෙස රැලි කරන්න. මේ ව්‍යායාමය මගින් නළලේ මාංශ පේශි ශක්තිමත් කරන අතර දිගු කාලීනව රැලි ඇතිවීම වළක්වයි. මෙම ව්‍යායාමය තුන් හතර වතාවක් කරන්න.

රිද්මයානූකූලව තප්පර කිහිපයක් ඔබේ ඇසි පිය ගසන්න.මෙමගින් ඔබේ ඇස් හොඳින් චලනය වන අතර ඇස් වටා ඇති පේශීන් සන්සුන් කරයි.

බෙල්ල ඉහලට, පහලට , පැත්තට ඇද තප්පර කිහිපයක් සිටින්න.බෙල්ල හැකිලීම , ලිහිල් කිරීමත් කිහිප වරක් සිදු කරන්න. මෙම ව්‍යායාමය මගින් බෙල්ලේ සහ නිකටේ මාංශ පේශීන් වල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන අතර නිකටේ හැඩය නිසි ලෙස පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා.

ඔබේ කම්මුල් හකුලා ඔබේ කට මාලුවෙකුගේ මෙන් සකස් කරගෙන තත්පර කිහිපයක් සිටින්න. නැවතත් පෙර ඉරියව්වට යන්න.

ඔබේ ඇඟිලි තුඩු භාවිතා කරමින් ඉතාම මෘදු  ලෙස මුහුණට තට්ටු කිරීම මෙම ව්‍යායාමයේ ප්‍රධානතම පිළිවෙලයි. නළල ප්‍රදේශයෙන් පටන් ගෙන ඔබේ මුහුණ පුරා, නිකට , බෙල්ල සහ කම්මුල් ආදී ප්‍රදේශවලට සෙමෙන් තට්ටු කරන්න. මිනිත්තු දෙකක් පමණ මෙම ව්‍යායාමය සිදුකරන්න.මෙමගින් ඔබේ මුහුණේ මාංශ පේශීන් මෘදු සහ ශක්තිමත් කිරීමට උපකාරී වෙනවා.

මෙම ව්‍යායාමය මගින් මුඛය වටා සම එල්ලා වැටීම වළක්වනවා. මේ ව්‍යායාමය සඳහා ඔබේ තොල් එකිනෙකට තදින් තෙරපාගෙන මුඛය හොඳින් වසා ගන්න. මෙම ඉරියව්වෙන් හැකි තරම් සිනාසීමට උත්සාහ කරමින් මුඛය පුළුල් ලෙස දිගු වන පරිදි ව්‍යායාමය සිදු කරන්න.තත්පර විස්සක් පමණ සිට මාංශ පේශින් ලිහිල් කරන්න. මෙම ව්‍යායාමය 8 -10 වතාවක් සිදු කරන්න

මෙම ව්‍යායාම ක්‍රම කිහිපය දිනපතා සිදුකිරීම මගින් ඔබේ මුහුණේ තරුණ බව රැක ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. මීට අමතරව සීනි භාවිතය පාලනය කිරීම , හොඳින් වතුර පානය කිරීම සහ සමේ වර්ගයට ගැලපෙන රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා කිරීමටත් සැලකිලිමත් වන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here