රාජපක්ෂලාගේ ජූස් බාර් හමුදා කඳවුරුවලට ගෙන යාම අසාර්ථකයි – Saru News | සිංහල

0
4

ජනතාව තුළ නොසන්සුතාවක් ඇති කිරීම සඳහා රාජපක්ෂලා ප්‍රමුඛ අන්තවාදීන් ගෙන ගිය තවත් ප්‍රචාරයක් මුළුමනින් ම පරාජය කර තිබේ.

ත්‍රිකුණාමලය ජූස් බාර් සිදුවීම අධිකරණය හමුවේ විභාග වෙමින් තිබෙන අතර, යාපනයේ මූලික හමුදා කඳවුරු ඉවත් කිරීමට සූදානම් වන බවට ප්‍රචාරයක් ගෙන ගොස් තිබිණි. “රණවිරුවෙකු” බවට හඳුන්වා දුන් විශ්‍රාමික හමුදා නිලධාරියෙකුගේ ෆේස්බුක් සටහනක් උපුටා ගනිමින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය එම ස්ථානයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රචාරය කරනු ලැබීය. එම මුළුමනින් ම බොරු ප්‍රචාරයක් බව ශ්‍රී ලංකා යුද හමුදාව නිල වශයෙන් ප්‍රචාරය කළ අතර, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ද පතුරුවා හරින ලද එම ප්‍රචාරය බොරුවක් බව ප්‍රකාශ කළේය.

ජාතික නිදහස් දින උළෙල චාම් එහෙත් ගෞරවාන්විත ව සැමරීමට අවශ්‍ය පූර්ව විධිවිධාන යොදා තිබෙන අතර මෙන් ම, පාතාල නායකයෙකු කෙහෙල්බද්දර පද්මේ සමඟ නාමල් රාජපක්ෂ පවත්වා ඇති දුරකතන සංවාද පිළිබඳව ප්‍රශ්න කිරීම සහ ශිරන්ති රාජපක්ෂගෙන් සිරිලිය ගිණුම් පිළිබඳ ප්‍රශ්න කිරීම සිදු කරන පසුබිමක ජනතාව නොසන්සුන් කරවීමේ ප්‍රචාර පැතිරවීම විශේෂත්වයකි.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ගැන ව්‍යාර තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා



1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here