කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

0
2

එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර අද (11) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කාසියේ වාසිය උරගාබැලීම ප.ව. 2.45ට සිදුකළ අතර, ඒ හේතුවෙන් තරගය ප.ව. 3.15ට ආරම්භ වේ.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව මෙන්ම එංගලන්තය ක්‍රීඩාකරන තෙවන තරගය මෙය වේ.

ඉන් ශ්‍රී ලංකාව එක් තරගයක් පරාජය වී ඇති අතර, එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අතහැර දමා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව කණ්ඩායම් 8ක් අතරින් ප්‍රසාද ලකුණු සටහනේ 7වන ස්ථානයේ රැඳී සිටියි.

කෙසේ නමුත් ක්‍රීඩාකළ තරග දෙකම ජයගෙන ඇති එංගලන්තයට ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය හිමිව ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here