සුන්දර නීරෝගී සමක් ලබා ගන්න නම් ඔබ පිළිපැදිය යුතුම කරුණු 8 ක්.

0
12


අපේ සම රැකගන්න අපි මොනතරම් ආලේපන වර්ග පාවිච්චි කලත් ,අපි අතින් වෙන සමහර වැරදි පුරුදු නිසා අපේ සම හානියට පත් වෙන්න පුලුවන්. ඒ වැරදි මොනවද කියලයි අද අපි ඔබට කියලා දෙන්න යන්නේ

මිල අධික රූපලාවණ්‍ය නිශ්පාදන වලට අපි විශාල මුදලක් වැය කලත් ඒවාට ලබාදෙන්න පුලුවන් කෙටිකාලීන ප්‍රතිඵල විතරයි.තරුණියන්ට බහුලව තියන ගැටලු තමයි සම එල්ලා වැටීම ,රැලි ඇතිවීම ,සමේ සිහින් රේඛා ඇතිවීම, සම අඳුරු පැහැ වීම වගේ දේවල්. හැබැයි අපි දිනපතා මෙන්න මේ දේවල් කලොත් ලේසියෙන්ම අපිට අපේ සම රැකගන්න පුලුවන්

ඔබ ආහාරයට ගන්න දේවල් ඔබේ සමේ තත්වය ගොඩක් දුරට තීරණය කරනවා.ඔබ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට මාරු වෙනවා නම් ඔබට ඔබේ සමේ ගැටලු රාශියකට විසඳුම් ලබාගන්න පුලුවන් වගේම තරුණ පෙනුම රැකගන්නත් පුලුවන්

ඔබට එළියට යනවා නම් අනිවාර්යයෙන්ම Sun cream එකක් භාවිතා කරන්න අමතක කරන්න එපා.හිරුගේ අහිතකර කිරණ මගින් සමේ සියුම් තන්තු වලට හානි වීම, පිග්මන්ටේශන් ඇතිවීම,සම මත ලප ඇතිවීම, සිහින් රේඛා සහ රැළි ඇති වීම සිදුවෙනවා.ඒ නිසා කිසිම වෙලාවක හොඳ sun cream එකක් පාවිච්චි කරන්න අමතක කරන්න එපා

අධික සුවඳකින් යුත් නිශ්පාදන ඔබ නොදැනුවත්වම ඔබේ සමට හානි කරනවා.පැරබීන්, තැලේට් සහ සල්ෆේට් වැනි අමුද්‍රව්‍ය බොහෝ ආයතන මගින් ඔවුන්ගේ නිෂ්පාදනවල ආකර්ෂණය වැඩි කිරීමට සහ නිශ්පාදනයේ ක්‍රියාකාරී අමුද්‍රව්‍යවල අප්‍රසන්න සුවඳ ආවරණය කිරීම සඳහා එකතු කරනු ලබනවා.මේවා මගින් සමේ සියුම් ස්ථර වලට හානි කරනවා.ඒවා සමේ ගැටලු රාශියකට දායක වන ප්‍රධාන සාධයක් ලෙස සැලකෙනවා.ඉතින් ඔබ නිශ්පාදන තෝරාගන්නකොට අධික සුවඳකින් යුතු නිශ්පාදන තෝරා ගන්න එපා

නින්දට යාමට පෙර මේකප් ඇතුලු සියලු ආලේපන වර්ග ඉවත් කිරීම ඔබ අනිවාර්යයෙන් කලයුතුම දෙයක්. ඔබ අධිකව මේකප් භාවිතා කරන්නේ නම්, මුහුණේ සිදුරු අවහිර නොවීමට මුහුණේ සම double cleanse කර පිරිසිදු කිරීමට සැලකිලිමත් වන්න .දිවා කාලයේදී අපගේ සම දූවිලි වලට , විශබීජ වලට නිරාවරණය වනවා.ඒ නිසා සමෙහි සිදුරු අවහිර නොවී සම අලුත්වැඩියා කර නැවත යතා තත්වයට පත් කිරීමට නම් මෙම සිදුරු අවහිර නොවී තිබීම අනිවාර්යය වෙනවා

ටෝනර් භාවිතා කිරීම මඟින් සමෙහි ඉතිරි වන මේකප්, දුහුවිලි ,තෙල් සහ අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කිරීමට මෙන්ම සමට දූවිලි ඇතුල් වීම වැලැක්වීමට උපකාරී වෙනවා.කෙසේ වෙතත්, ඇල්කොහොල් මත පදනම් වූ ටෝනර් මඟින් සමෙහි ඇති ස්වභාවික තෙල් ඉවත් කර සම වියළි බවට පත් කරනවා.ඒ නිසා ඇල්කොහොල් රහිත ටෝනර් තෝරාගැනීමට ඔබ සැලකිලිමත් වෙන්න.

දිනපතා අවම වශයෙන් වතුර වීදුරු 8-10 ක් වත් පානය කිරීම අනිවාර්ය බව අපි කවුරුත් දන්නවා. නමුත් බොහෝ විට අපට එය සිදු කිරීමට පුලුවන් වන්නෙ නෑ.ශරීරයට ප්‍රමාණවත් තරම් ජලය නොමැතිකම නිසා සම අඳුරු වීම, වියලි වීම හා දුර්වල වීමට හේතු වෙනවා.ඒ නිසා සුන්දර සමක් බලාපොරොත්තු වෙන ඔබට වතුර නම් මතක් කරලම බොන්න වෙනවා

ඔබ තවමත් දිනපතා ඔබේ මුහුණ සෝදා ගැනීමට සබන් භාවිතා කරන්නේ නම් එය ඉක්මනින් නතර කරන්න ඔබට සිද්ධ වෙනවා.සබන් ඔබේ සම වියළි සහ අඳුරු පැල්ලම් සහිත එකක් බවට බවට පත් කරනවා. ඔබේ මුහුණ දිනකට දෙවරක් සබන් රහිත හා වියලි නොවන මෘදු සේදුම් කාරකයක් මගින් පිරිසිදු කිරීමට ඔබ සැලකිලිමත් විය යුතු වෙනවා

රළු තුවායක් මගින් ඔබේ සම තදින් පිසදමනවා වෙනුවට මෘදු තුවායක් මගින් තෙත මාත්තු කරන්න.එමගින් සම පිසදැමීමේදි ඇදීම් වලට ලක්වීම වැලැක්වෙනවා.නැතිනම් facial tissue මඟින් සම පිසදාගැනීමත් හොඳ විසඳුමක්. ඒ වගේම, ඔබ මුහුණ පිසදැමීම සඳහා වෙනම තුවායක් භාවිතා කළ යුතුයි.

මේ කරුණු ගැන සැලකිලිමත් වෙනවා නම් ඔබට ඔබේ සම රැකගන්න එක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි.ඉතින් රූපය ගැන සැලකිලිමත් වෙන ඔබ මේ කරුණු ගැන අවධානය යොමු කරලා අදම ඔබ අතින් වෙන මේ වැරදි නතර කරගත්තොත් ලස්සනට ඉන්න එක ඔබට තවදුරටත් හීනයක් නොවේවි



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here