ඇස් යට පැහැපත් කරන ස්වභාවික under eye ක්‍රීම් එකක් කැරට් වලින් හදමු.

0
11


ගොඩක් තරුණියන්ට තියන ගැටලුවක් තමයි ඇස් යට අවපැහැ ගැන්වීම.මේ සඳහා වෙළඳපලේ ඕනෑ තරම් ආලේපන වර්ග තියනවා.නමුත් ඇස් යට යනු ඉතාම සංවේදි ප්‍රදේශයක් නිසා ආලේපන ගැල්වීමේදි ඉතාම සැලකිලිමත් විය යුතුයි.ඒ නිසා මේ ප්‍රශ්නෙට විසඳුම් ගෙන දෙන ස්වාභාවික ක්‍රීම් එකක් ගැන ඔබට කියන්න අපි හිතුවා

ඔබ ඉතාම කාර්‍යබහුල කෙනෙක් නම් ,ඒ අධික කාර්‍යබහුල බව නිසා ඔබ මානසික ආතතියට පත්ව සිටිනවා නම් ඔබේ ඇස් යට අවපැහැගැන්වීම් ඇතිවිය හැකියි

ඔබ දිනකට පැය අටක තරම් වත් නින්දක් නොලබනවා නම්, ඔබ අධික ලෙස නිදි වර්ජිතව සිටිනවා නම් ඔබට මේ තත්වය ඇතිවිය හැකියි

ඔබ ඉරුවාරදය නම් රෝග තත්වයෙන් පීඩා විඳින කෙනෙක් නම් ඔබට dark circles ඇතිවීමේ ප්‍රවණතාවක් තිබෙනවා.ඒ වගේම ඔබ සෙම් රෝග වලින් පෙලෙනවා නම් මේ තත්වය ඇතිවිය හැකියි

ඔබ කාර්‍යාලයේදි එක දිගට පරිඝණකය භාවිතා කරන කෙනෙක් නම් ,නැත්නම් ජංගම දුරකථන පමණ ඉක්මවා භාවිතා කරන කෙනෙක් නම් ඔබේ ඇස් ඉතා වෙහෙසට පත් වනවා.මේ නිසාත් ඇස් යට අවපැහැගැන්වීම් සිදු වෙන්නට පුලුවන්

ඔබේ සම වියළීමත් මේ ඇස් යට අවපැහැගැන්වීම් හෙවත් dark circles වලට හේතු වන්නට පුලුවන් .ඒ නිසා දිනකට ප්‍රමාණවත් තරම් ජලය පානය කර හැකිතාක් සජලීයව සිටින්න උත්සහ කරන්න

පිග්මන්ටේශන් විවිධ වර්ග තිබෙනවා.එවැනි එක් තත්වයක් හො ඔබට ඇත්නම් ඔබේ ඇස් යට අවපැහැගැන්වෙන්නට ඉඩකඩ තිබෙනවා

වෙළඳපලේ ඇති නිශ්පාදන වල කල් තබා ගැනීම සඳහා ඇතුලත් කල ද්‍රව්‍ය අඩංගු වී තිබෙනවා.එම නිශ්පාදනය කල් ඉකුත් වූ විට අපේ සමට ආසාදනය වන්නේ එම රසායනික ද්‍රව්‍ය මිස නිශ්පාදනයේ අඩංගු ද්‍රව්‍ය නොවේ.ඔබ ස්වාභාවික ආලේපනයක් භාවිතා කිරීමේදි එය දින දෙක තුනක් ඇතුලත ඔබ භාවිතයෙන් ඉවත් කරන නිසා ඒ මගින් ඔබට කිසිඳු අහිතකර බලපෑමක් ඇතිවන්නේ නෑ.

ඔබ ඕනෑම ස්වාභාවික සත්කාරයක් සිදු කරන විට ඔබ යොදාගන්නේ 100% ස්වාභාවික අමුද්‍රව්‍ය නිසා එමගින් සෘජුවම ඔබේ සමට ඒවායේ අන්තර්ගත ගුණ ලැබෙනවා.නමුත් කෘතිම ආලේපනයක් ගැල්වීමේදි ඒ ආකාරයේ පෝශණයක් සමට ලැබීමේ සම්භාවිතාවය බොහෝ අඩුය.

ස්වාභාවික සත්කාර සිදු කිරීමෙන් ලැබෙන අති විශාල වාසියක් තමයි මේක.ඔබ වෙළෙඳපොළෙන් මිලදී ගන්නා සමහර නිශ්පාදන නිසා කාලයක් ගත වූ පසුත් අතුරු ආභාධ ඇතිවන්නට පුලුවන්.නමුත් ස්වාභාවික සත්කාර සිදු කිරීමේදි එසේ කිසිඳු අතුරු ආභාධ තත්වයක් ඔබේ සමට ඇති වන්නේ නෑ.

[psac_post_carousel show_date=”false” show_author=”false” taxonomy=”post_tag” cat_taxonomy=”category” tag_taxonomy=”post_tag” limit=”9″ category=”beauty”]

බොහො ස්වාභාවික රූපලාවණ්‍ය සත්කාර සඳහා භාවිතා කරනු ලබන්නේ මුලුතැන්ගෙයින් ඔබට සොයා ගත හැකි අමුද්‍රව්‍යය වලින් හෝ ඔබේ ගෙවත්තෙන් සොයා ගත හැකි දේවල් වලිනුයි. කෘතිම නිශ්පාදන වලට අධික මුදලක් වැය උනත් , ඔබට ඕනෑම මොහොතක මෙවැනි ස්වාභාවික සත්කාර කිරීමට හැකියාව තියෙනවා වගේම ඒ සඳහා මුදල් වැය වන්නේත් නෑ

ආමන්ඩ් වල අඩංගු විටමින් E මගින් ඔබේ සම සුමුදු කරනවා වගේම විශේෂයෙන්ම ඇස් වටා රැළි වැටීම් අවම කරනවා

කැරට් යුෂ වල අඩංගු විටමින් සී සහ බීටා කැරොටීන් මගින් සමේ අවපැහැගැන්වීම් දුරු කර සමේ කොලජන් නිශ්පාදනය වැඩි කරනවා

මෙමගින් සම ඇති බැක්ටීරියා විනාශ කර සම පෝශණය කරන අතර සම අවපැහැගැන්වීම් වළක්වයි

සම පැහැපත් කරමින් නීරෝගී කරන අතර සම සිසිල් කරයි

මේ සියලු අමුද්‍රව්‍ය එකට මිශ්‍ර කර ඔබට මේ ක්‍රීම් එක සකස් කරගන්න පුලුවන් .මෙහිදි ඔබට කැරට් යුශ වෙනුවට නිවසේදි සකස් කරගත් කැරට් තෙල් වුවත් භාවිතා කරන්න පුලුවන් .
ඒ වගේම කැරට් යුශ හෝ කැරට් තෙල් සමඟ ආමන්ඩ් කුඩු පමණක්ද භාවිතා කරන්නත් ඔබට පුලුවන්

මුලින්ම කෝමාරිකා ජෙල් ස්වල්පයක් ඔබේ වෙදගිල්ලට ගෙන කවාකාරව ඔබේ ඇස් වටා ක්ලෙන්සර් කරගන්න

ඉන්පසුව එය ඉවත් කරගන්න

දැන් සුදු පොල්තෙල් හෝ ආමන්ඩ් තෙල් මගින් පෙර පරිදි වෙදගිල්ල ආධාරයෙන් කවාකාරව සම්භාහනය කරන්න.ඔබේ ඇහිබැමි වල සිට නලල දෙපසින් ඇස් ඇතුල් පැත්තට මෙම සම්භාහනය සිදු කිරීමට සැලකිලිමත් වන්න

ඉන්පසු මද රස්නය සහිත වතුරින් පෙඟවූ පුලුන් කැබැල්ලකින් මෙම තෙල් ඉවත් කරගන්න

ඊළඟට සකස් කරගත් ක්‍රීම් එක ඇස් වටා ඉතා ප්‍රවේසමින් උඩු අතට ආලේප කරන්න

මෙම ක්‍රීම් ඔබට හැකි නම් පැයක් හෝ දෙකක් පමණ වුවත් තිබෙන්නට හරින්න පුලුවන්

ඉන්පසු සෝදා හරින්න

මේ සඳහා යොදා ගන්න අමුද්‍රව්‍ය වලින් ඔබට යම් ආසාත්මිකතා කලින් ඇතිවී ඇත්නම් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න

මෙය ශීතකරණයේ තබා භාවිතයට ගත හැකි අතර දින දෙකක් පසුවන විට වර්ණයේ හෝ සුවඳේ වෙනසක් ඇත්නම් භාවිතයෙන් ඉවත් කරන්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here