ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා හා යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ යන මහත්වරුන් ගේ නිර්දේශ මත බ්‍රිගේඩියර්වරුන් 05 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කර තිබේ . ඒ 76 වන යුද්ධ හමුදා දිනට සමගාමීව ය .
ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන්කරන පරිදි , ක්‍රියාන්විතයේදී තුවාල ලබා රණක්‍ෂිතයට පත් බ්‍රිගේඩියර්වරුන් 05 දෙනෙකුගේ සේවය අගයමින් සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, ඔවුන් මේජර් ජෙනරාල් නිලයට නිල උසස් කිරීම් සිදුකරනු ලැබ ඇත .
Saru FM Media