කෝමාරිකා කියන්නේ ශ්‍රී ලාංකික නිවෙස් වල දැකිය හැකි සාරවත් ඖෂධීය ශාකයක්.කෝමාරිකා භාවිතය සියවස් ගණනාවක් ඈතට දිව යන අතර ලෝකය පුරා නිවර්තන දේශගුණය තුළ කෝමාරිකා වර්ධනය දැක ගන්නට පුළුවන්. වර්තමානයේ දීත් බොහෝ දෙනා කෝමාරිකා වලින් ප්‍රයෝජන රැසක් ලබා ගන්නවා. විවිධ ප්‍රතිකාර වලට වගේම රූපලාවණ්‍ය කටයුතු සඳහාත් යොදා ගන්නා මෙම කෝමාරිකා වල ගුණ ඇත්ත වශයෙන්ම අසීමිතයි. ඉතින් අද අපි කතා කරන්නේ කෝමාරිකා යුෂ පානය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැනයි
කෝමාරිකා වල ප්‍රති ගිනි අවුලුවන ගුණ ඇතැයි සැලකෙනවා.එය පිළිස්සුම් ඇතුළු සමේ විවිධ ආබාධයන් සඳහා ප්‍රතිකාර කරන අතරම වියළි සමටද ඉතාම හොඳ තෙතමන කාරකයක් ලෙස භාවිතා කරන්නට පුළුවන්.ඒ වගේම කෝමාරිකා යුෂ පානය කිරීම කොලජන් නිෂ්පාදනය වැඩිදියුණු කිරීමට දායක වෙනවා.වයස අවුරුදු 40යි ඉක්මවා යන කාන්තාවන්ගේ සමේ රැලි ඇති වීම වැළැක්වීම සඳහා කෝමාරිකා යුෂ පානය කිරීම සුදුසු බව පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙනවා.
කෝමාරිකා යුෂ වල ඇන්ත්‍රැක්විනෝන් ග්ලයිකෝසයිඩ් අඩංගු වනවා. මේවා මලබද්ධය සමනය කිරීමට උපකාරී වන විරේචක බලපෑම් සහිත ශාක සංයෝගයි.ඒ වගේම ආහාර ජීරණය පහසු කරවීම, ආම්ලික තාවය වැනි තත්වයන් සමනය කිරීමටද කෝමාරිකා යුෂ පානය කිරීම ප්‍රයෝජනවත් වනවා.උදෑසන කාලයේදී කෝමාරිකා යුෂ පානය කිරීමෙන් නිසි ලෙස ආහාර ජීරණය කරමින් සහ ආහාර ජීරණ පද්ධතිය පිරිසිදු කරමින් ශරීරයේ ඇති විෂ ඉවත් කිරීමක් ද සිදු කෙරෙනවා.
දවස පුරා වැඩිපුර දියර වර්ග පානය කිරීම පුද්ගලයෙකුට සජලීයව සිටීමට උපකාරී වනවා.සීනි සහිත බීම වර්ග වෙනත් පාන වර්ග වලට වඩා කෝමාරිකා යුෂ පානය කිරීම ඔබේ සෞඛ්‍යයට හිතකර වන්නේ පාන වර්ග වලට වඩා අඩු කැලරි ප්‍රමාණයක් කෝමාරිකා යුෂ වීදුරුවක අඩංගු වීම නිසයි.නමුත් ඔබට ඉතා හොඳ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය නම් වෙළඳපොලේ විවිධ වෙළඳ නාමයන් යටතේ ඇති කෝමාරිකා යුෂ පානයන් ලබා ගන්නවාට වඩා නිවසේදීම සකස් කරගන්නා කෝමාරිකා යුෂ පානය කිරීම වැදගත්.
කෝමාරිකා වල 98.5 % පමණ ජලය අඩංගුව තිබිය දීත් විටමින්, ඛනිජ ලවණ, මැග්නීසියම්, කැල්සියම් , ෆෝලික් අම්ල සහ ප්‍රතිඔක්සිකාරක ඉතා ඉහළ මට්ටමක පවතිනවා.ඒ වගේම කෝමාරිකා විටමින් B 12 අඩංගු දුර්වල ශාක ප්‍රභවයන්ගෙන් එකක් ලෙස සැලකෙනවා.එම පෝෂකය ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩිදියුණු කිරීමට උපකාරී වනවා
කෝමාරිකා යුෂ ඉතා ක්ෂාරීය වන අතර, එය අජීර්ණ ලෙසද හැඳින්වෙන ඇසිඩ් පරාවර්තනය සමඟ එන වේදනාකාරී රෝග ලක්ෂණ වලට එරෙහිව සටන් කරනවා.ඔබේ ශරීරයේ අජීර්ණ තත්ත්වයක් ඇතිවූ විට , එම අම්ල ආමාශයෙන් පිටවීමට පටන් ගෙන ඔබේ ශරීරයේ ආම්ලික Ph අගය වැඩිකරනවා.කෝමාරිකා යුෂ පානය කිරීම මගින් එහි සංයුතිය ඔබේ ආමාශයෙන් පිටවෙන අම්ල ස්‍රාවය පාලනය කරන බැවින් ඔබේ ශරීරයේ සමතුලිතතාවය නැවත යථා තත්ත්වයට පත් කරනවා.
සෞඛ්‍ය සම්පන්න ආහාර දිරවීමකට , පරිවෘත්තීය ක්‍රියාවලියට , ශරීරයෙන් විෂ ඉවත් කිරීමේ ක්‍රියාවලියට සහ ආහාර දිරවීමේ ආධාරකයක් ලෙස කෝමාරිකා ක්‍රියා කරනවා.ඒ වගේම කෝමාරිකා වල අඩංගු වන බී විටමින් සහ එන්සයිම ශරීරයේ මේදය දහනය කිරීමට ඉතා විශාල දායකත්වයක් දක්වනවා. මෙම හේතු නිසා ඔබේ ශරීරයේ අනවශ්‍ය බර අඩුකර ගැනීමට කෝමාරිකා යුෂ පානය කිරීම සුදුසු බව විවිධ අධ්‍යයන මඟින් පෙන්වා දී තිබෙනවා.
ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමට අත්‍යවශ්‍ය පෝෂකයක් ලෙස සැලකෙන විටමින් සී කෝමාරිකා වල වැඩි වශයෙන් අඩංගු වෙනවා.ඒ වගේම සම පැහැපත් කිරීමට ද , ශරීරයට යකඩ අවශෝෂණය කර ගැනීමට ද කෝමාරිකා වල අඩංගු විටමින් සී උපකාරී වනවා
මිනිස් ශරීරයෙ ස්නායු පද්ධතියේ නිවැරදිව ක්‍රියා කරවීමට අත්‍යවශ්‍ය පෝෂකයක් ලෙස මැග්නීසියම් සැලකෙනවා.මොලය, ස්නායු සහ සුසුම්නාව ආදී සියල්ල ස්නායු පද්ධතියේ කොටස් වේ. . කෝමාරිකා යනු මැග්නීසියම් වල ඉතා හොඳ ප්‍රභවයක් නිසා කෝමාරිකා යුෂ පානය කිරීම ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයට ද බලපෑමක් සිදු කරනවා
කෝමාරිකා යුෂ යනු ඔබේ දවස ආරම්භ කිරීමට සුදුසුවන සෞඛ්‍ය සම්පන්න පානයක්.එය බොහෝ සෞඛ්‍ය ප්රතිලාභ වලින් සහ පෝෂ පදාර්ථ වලින් සමන්විත වනවා.කෙසේ වෙතත් කෝමාරිකා යුෂ ඉක්මනින් ඔක්සිකරණය වන නිසා ඔබ එය පරිභෝජනය කිරීමට සුළු වේලාවකට පෙර සකස් කර ගැනීමට වගබලා ගත යුතුයි.ඒ වගේම ඔබ විවිධ සෞඛ්‍ය ගැටලු සහිත අයෙක් නම් කෝමාරිකා යුෂ පානය කිරීමට පෙර වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගන්න.
Saru FM Media