කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරනු ලැබූ ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වැඳපුදා ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක එක්විය.
ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් අද (4) මෙරටට වැඩම කෙරුණු ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ, ඉන්දියාවට අයත් විශේෂිත ගුවන්යානයකින් මෙරටට වැඩම කරවීම සිදු කෙරුණි.
ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ හෙට (05) උදෑසන සිට මහජනතාවට වන්දනාමාන කරගැනීම සඳහා අවස්ථාව හිමිවේ.
Saru News








