මවුන්ට් කැල්වරි උසස් විදුහලේ එස්. ජේ. නෙතුග දින්හස්ගෙන් නව තරග වාර්තාවක්

0
2

38 වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල

මෙරට පාසල් පද්ධතියේ සුවිශාලතම හා ප්‍රමුඛතම ක්‍රීඩා උළෙල ලෙස විරුදාවලි ලබා ඇති සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ 38 වැන්න ඊයේ (10දා) හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් උත්සවශ්‍රීයෙන් ආරම්භ කෙරුණි. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු සමාරම්භක උත්සවයට දිවයිනේ පළාත් 09 නියෝජනය වන පරිදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව සිටියහ.

ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කර ඇති වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහලේ සදෙව් විමංස රාජකරුණා සහ ගම්පොල වික්‍රමබාහු ජාතික පාසලේ තරුෂී අභිෂේකා මෙවර ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයේ දී ඔලිම්පික් පහන දැල්වීම සිදු කරන ලද අතර ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩක අඹගමුව මධ්‍ය මහ විදුහලේ අයොමාල් අකලංක ක්‍රීඩක ප්‍රතිඥාව ලබා දුන්නේය. විනිශ්චය ප්‍රතිඥාව ප්‍රවීණ විනිසුරු අනුර බණ්ඩාර මහතා විසින් සිදු කරන ලදි.

ලබන අඟහරුවාදා (14දා) දක්වා පැවැත්වෙන මෙවර ක්‍රීඩා උළෙලේ ආරම්භක දිනය වූ ඊයේ (10දා) පළමු නව තරග වාර්තා ලාභියා ලෙස නම සටහන් කර ගැනීමට එස්. ජේ. නෙතුඟ දින්හස් සමත් විය.

අවුරුදු 14 න් පහළ බාලක මීටර් 100 මූලික වටයේ දී තත්. 11.77 කින් නිමා කරමින් නව තරග වාර්තාව තමන් නමින් සටහන් කර ගැනීමට දකුණු පළාතට අයත් ගාල්ල දිස්ත්‍රික්කයේ මවුන්ට් කැල්වරි උසස් විදුහලේ එස්. ජේ. නෙතුග දින්හස් ට හැකියාව ලැබිණි.

ඉකුත් වසරේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසලේ දුල්නෙත් නෙත්මික විසින් පිහිටුවා තිබුණු තත්. 11.82 ක තරග නිමි කාලය සහිත තරග වාර්තාව ඒ අනුව බිඳ වැටුණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here