ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

0
3

උතුරු, උතුරු – මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඉදිරි පැය 36ක කාලය තුළ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (4) ප.ව. 4ට නිකුත්කළ සාමාන්‍යය කාලගුණ අනාවැකියට අනුව ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය.

එමෙන්ම සෙසු ප්‍රදේශවල ප.ව. 2න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකිය.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්ඉල්ලා සිටී.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here