ඉන්දියාවේ සිට සර්වඥ ධාතූන් වහන්සේ වැඩම කරයි

0
3

ඉන්දියාවේ ගුජරාට් හි – දෙව්නිමෝරි පුරාවිද්‍යාත්මක භූමියෙන් සොයාගත්  සර්වඥ ධාතූන් වහන්සේ අද (04) දිවයිනට වැඩම කෙරුණි.

ඒ ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකිනි.

ගුවන් තොටුපොළේදී ධාතූන් වහන්සේ සහිත මංජුසාව හරසරින් පිළිගෙන පීඨිකාවක තැන්පත් කළේ ය.

එම අවස්ථාවට මහා සංඝරත්නය මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් සහභාගි විය.

අද (04) පස්වරුවේ කොළඹ හුනුපිටිය ගංගාරාමය වෙත සර්වඥ ධාතූන් වහන්සේ වැඩම කරවීමට නියමිතයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය ආරම්භ කෙරෙන අතර මහජනතාව සඳහා ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය හෙට (05) උදෑසන 6 සිට ඇරඹේ.

ලබන 11 වැනිදා උදෑසන 07 දක්වා සැහැවතුන්ට ධාතූන් වහන්සේ වැඳපුදා ගත හැකියි.

පැය 24 පුරා සර්වඥ ධාතු ප්‍රදර්ශනය පැවැත්වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here