දෙහි පළුවක් මතට මී පැණි බිංදු 3 ක් දමා මුහුණේ ආලේපනය කලවිට සිදුවනදේ ඔබ මවිතයට පත්කරාවි

0
13


Blackheads ඇති වීම මගින් සමෙහි සෞඛ්‍යය සම්පන්න භාවය නැති කර දමනු ලබයි. බොහෝවිට මේවා මුහුණේ,කොන්දේ සහ කන් මත ඇති වේ. මෙයට හේතුව වන්නේ එවන් ස්ථානයන්හී අධික ලෙස දහදිය ග්‍රන්ථි පිහිට තිබීමයි. අවිධිමත් ආහාර රටාවන්, තෙල් සහිත සම, ග්‍රන්ථි අවහිර විම සහ තෙල් සහිත හිසකෙස් නිසා ‘Blackheads’ ඇති වේ. අපිරිසිදු කම නිසා පමණක් මේවා ඇති නොවේ. ඔබ ‘Blackheads’ ඉවත් කරනවා කියා තලා පොඩි කිරීමද එතරම් සුදුසු නොවේ.

මෙම ලිපිය මගින් සඳහන් වන සරල ක්‍රමය අනුගමනය කර ‘Blackheads’ ඉවත් කර ගන්න.මෙම පීඩාකාරී තත්වය සුව කර ගැනීම සඳහා මෙම ස්වභාවික සත්කාරය ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වේවි.

අවශ්‍ය වන ද්‍රව්‍ය

මී පැණි බිංදු තුන ලෙමන් පළුව මතට දමා ඔබගේ මුහණ පුරා අතුල්ලා ගන්න.

විශේෂයෙන් ආසාදනය අහි වී ඇති ස්ථානයන් අවට.

ඉන් පසුව විනාඩි 5-7 අතර කාලයක් සිට ශීත ජලයෙන් සෝදා ගන්න.

මෙම සත්කාරය සතියකට වාර දෙක බැගින් සිදුකර ඉතාමත් සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්න.

මෙය සිදුවන්නේ කෙසේද?

ලෙමන් තුල අඩංගු වන ආම්ලිකතාවය සමෙහි මැරුණු සෛල ඉවත් කර නව සෛල වර්ධනයකර ගැනීමටඋපකාරී වේ.එමගින් සම පිරිසිඳු වී ‘ Blackheads’ ඉතාමත් පහසුවෙන් හා සම්පුර්ණයෙන් ඉවත්ව යනු ඇත.

මී පැණි යනු ස්වභාවික ප්‍රතිජීවක ඖෂධයකි.එමගින් සමෙහි ඇති සිදුරු තුල කුණු දුහුවිලි ඉවත් කර දෙනු ලැබේ.මී පැණි සම පැහැපත් කර ගැනීම සඳහා ඉතාමත් ඵලදායීව ක්‍රියාකරනු ලබයි.

මෙම සත්කාරය විවිධ වූ සම් සඳහා විවිධ විය හැකිය.මෙම සත්කාරය කෙතරම් වාර සංඛ්‍යාවක් සිදු කල යුතුද යන්න ඔබගේ සමෙහි ස්වභාවය අනුව තීරණය වේ.මෙහි සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා සතියකට දෙවරක් හෝ තුන්වරක් මෙම සත්කාරය සිදු කරන්න.

උපුටා ගැනීම – http://www.wishmalokaya.lk/



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here