අපි දිනන්න අද ලැහැස්තියි – රුමේෂ් රත්නායක

0
2

ශ්‍රී ලංකාව තීරණාත්මක එංගලන්තය සමග තරගය අද

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය

2025 කාන්තා ලෝක කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයගත යුතුම තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරග කරනු ලබන්නේ එංගලන්ත කාන්තා කණ්ඩායම සමගය.

එංගලන්තය මෙවර ලෝක කුසලාන තරගාවලියේ මුහුණ දුන් තරග දෙකම ජයගෙන ඇති අතර ශ්‍රී ලංකාව මුහුණ දුන් තරග දෙකෙන් එකක් පරාජය වූ අතර අනිත් තරගය වර්ෂාව නිසා අත්හැර දැමුවා. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු රුමේෂ් රත්නායක මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ,

අපේ කණ්ඩායමට හොඳ අත්දැකීම් තියෙනවා මේ තරගය දිනන්න. අපිට තියෙන අඩුපාඩුකම් ගැන කතා කරලා තියෙනවා. ඒවා අපි දැන් හදාගෙන තරගයට සහභාගි වෙන්නේ. අද තරගය දිනන්න සියලු දේ කරලා තියෙනවා.

සංස්කරණය – සුසිල් ජයකොඩි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here