අධ්‍යාපන සභාව ස්ථාපනයට අදාළ විද්වත් කමිටුව සිය වාර්තාව භාර දෙයි

0
23

වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ අන්තර්ගත අධ්‍යාපන සභාව ස්ථාපනය කිරීම සඳහා ඊට අදාළ යෝජනාවලිය සකස් කිරීම පිණිස අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ විද්වත් කමිටු වාර්තාව, එම කමිටුවේ සභාපති මහාචාර්ය ඕ.ජී. දයාරත්න මහතා විසින් අද (10) භාර දෙන ලදී.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග යෝජිත අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ පාර්ලිමේන්තු අනුකාරක සභාවේ සභාපතිවරයා ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාද මෙම අවස්ථාවට  සහභාගි විය.

අද පවත්වා ඇත්තේ අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ පාර්ලිමේන්තු අනුකාරක සභාවේ තෙවැනි රැස්වීම වන අතර එහි පළමු රැස්වීම පසුගිය ජූලි මස 07 වැනිදා පැවැත්විණි.

අධ්‍යාපන සභාව ස්ථාපනයට අදාළ විද්වත් කමිටුව විසින් ඉතා කෙටි කාල රාමුවක් තුළ මෙම කමිටු වාර්තාව ඉතා කඩිනමින් සාර්ථකව සකස් කර භාර දීමට කටයුතු කර තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති රැස්වීමට අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ පාර්ලිමේන්තු අනුකාරක සභාවේ සෙසු සාමාජිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රි රුවන් මාපලගම ඇතුලු මන්ත්‍රිවරුන් මෙන්ම අධ්‍යාපන නිලධාරින් කිහිප දෙනෙකු එක්ව සිටියහ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here