රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලවන ලෙස සෞඛ්‍ය ප්‍රතිපත්තියක්

0
2

මෙරට රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලවන ලෙස සෞඛ්‍ය ප්‍රතිපත්තියක් මේ වන විට සකස් කරමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මෙරට රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම සඳහා නවක සෞඛ්‍ය වෘත්තිකයින් 309ක් සඳහා පත්වීමේ ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට අද (10) එක්වෙමිනි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඉදිරි වසර 10ට සරිලයන ලෙස සියලු අංශ ආවරණය වන ආකාරයට සුවපත් රටක් උදෙසා මෙම සෞඛ්‍ය ප්‍රතිපත්ති කෙටුම්පත සකස් කරන බවය.

ඒ අනුව එහිදී විශේෂයෙන්ම බෝ නොවන රෝග පාලනය, ප්‍රතිකාර කිරීම, මානසික සෞඛ්‍ය පෝෂණය වැනි ක්ෂේත්‍ර සඳහාද වැඩි අවධානයක් යොමු කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම මෙයට සමගාමීව උපාය මාර්ගික සැලසුම්ද සකස් කරමින් සිටින බවත් පැවසූ අමාත්‍යවරයා මෙම වර්ෂය අවසන් වීමට පෙර එම කටයුතු අවසන් කිරීමට හැකිවෙනු ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.

මේ අතර සෞඛ්‍ය කාර්ය සහයකයින් 2,900ක හිඟයක් පවතින බව හඳුනාගෙන ඇති බවත් එයින් 1,900ක පුරප්පාඩු මේ වසර අවසන් වීමට පෙර පිරවීමට හැකිවෙනු ඇතැයිද අවධාරණය කළ අමාත්‍යවරයා කිසිදු ප්‍රමාදයකින් තොරව නිසි සැලසුමකට අනුව එම ප්‍රමාණය බඳවා ගැනීම් සිදුකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here