පවුලම සතුටින් පුරවන සුන්දරත්වයක හිමිකාරිනිය ඔබද?

0
13


“YOUR SKIN ROUTINE IS BANK ACCOUNT.INVEST WISELY “

මේ ප්‍රසිද්ධ කියමන ගැන ඔබ දන්නවා ඇති.සරලව කියනවා නම් මෙයින් කියවෙන්නේ ඔබ සම මත ආලේප කරන සෑම ආලේපනයක් ම සුන්දරත්වය වෙනුවෙන් කරන ආයෝජනයක් නිසා වඩාත් හොඳ ප්‍රතිඵල වෙනුවෙන් පරිස්සමින් ,ඒ ගැන මනා අවබෝධයකින් යුතු ව තෝරා ගැනීම කළ යුතු බවයි .
ඔබේ සතුට,ඔබේ නිරෝගී බව පවුලේම සතුට වන නිසා
වඩාත්ම සුන්දර රුවකට , නිරෝගී සමකට වෙහෙස වීම හරිම වැදගත්.
ඉතින් පොඩ්ඩක් හොයලා බලමු ,අපේ සමට වඩාත් ම ගැළපෙන, වඩාත්ම safe,ඒ වගේම කණ්නාඩියෙන් මුහුණ බැලුවම සතුටින් උතුරා යන මුහුණකට සුදුසු ෆේස් වොශ් (face wash )එකක් තෝරගන්නේ කොහොමද කියලා ?

සබන් කියන්නේ ක්ෂාරීය දෙයක්.එහි ලවණ ගතිය වැඩියි.නමුත් සම ස්වභාවයෙන්ම ආම්ලිකතාවයෙන් යුතු දෙයක්.එහි ph අගය 4-6.5ත් අතර පවත්වා ගැනීම සුදුසුයි.ඒ නිසා සබන් භාවිතා කිරීමෙන් සම වියළි තත්ත්වයට තත්ත්වයට පත් වීමේ ඉඩකඩ ඉතාමත් වැඩියි .නමුත් ෆේස් වොශ් වලින් එසේ වන්නේ නැහැ.එය සමේ තෙතමනය ආරක්ෂා වන ලෙස නිපදවා තිබෙනවා.වියලි බවින් තොර නිරෝගී සමක හිමිකාරියක නිතරම ඉන්නේ සතුටින්.

නිවැරදි ලෙසට සම පිරිසිදු කරන්නේ නම් අනිවාර්යෙන්ම ෆේස් වොෂ් එකක් භාවිතා කළ යුතුමයි.එය සම ඉතාමත් හොඳින් පිරිසිදු කිරීමට සමත්.ඒ වගේම සමේ ස්වභාවයට ගැළපෙන ලෙස නිපදවා තිබෙනවා.විවිධ හානිකර බැක්ටීරියා,මේකප් ඇතුළු ආලේපන ,කුණු දුහුවිලි පහසුවෙන් ඉවත් කිරීම ට සමත් වෙනවා.

මිනිස් සම විවිධ ස්වභාවයන්ගෙන් යුතු යි.නමුත් අපට පැහැදිලිව ම එය ප්‍රධාන කොටස් තුනකට බෙදා ගන්නට පුළුවන්

1.සාමාන්‍ය සම
2.තෙල් සහිත සම
3.වියළි සම

ඉතින් අප තෝරා ගන්නා ෆේස් වොශ් එක අදාල සමේ ස්වභාවය ට ගැළපෙන එකක් විය යුතුයි.

ඔබ මිල දී ගන්නා නිෂ්පාදනය පිළිබඳ දැනුවත් වීම ද අනිවාර්යයෙන්ම වැදගත්.එහි අඩංගු ද්‍රව්‍ය,නිෂ්පාදිත දිනය ආදිය පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙන්න.නිෂ්පාදනය කෙතරම් ප්‍රසිද්ධ එකක් වුව ද එහි අඩංගු ද්‍රව්‍ය ඔබේ සමට safe ද කියා අනිවාර්යෙන්ම සොයා බලන්න.ඒ වගේම භාවිතා කළ කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් නිවැරදිව පිළිපදින්න.

ඉතින් සුන්දර රූ සපුවක් වෙනුවෙන් ඔබේ ආයෝජනය අතිශයින් බුද්ධිමත් තේරීමක් විය යුතු බව දැන් ඔබ දන්නවා.ඔබේ නිසි ආයෝජනය ඉතාමත්ම ඉක්මනින් සුමුදු ,නිරෝගී සමක් සහිත රුවැත්තියක් ලෙස ට ලෝකය ඉදිරියට ඔබව රැගෙන යනු නියත යි.ඒ විතරක් නෙවේ ඔබේ සතුට පවුල වෙතටද රැගෙන යන වාහකයා වන්නේත් ඔබමයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here