වියලි හිසකෙස් කැඩීයාම වලක්වා දිගු කෙස් කලඹක් ඔබට ලබා දෙන ස්වභාවික සත්කාර

0
12


ඕනම තරුණියක් කැමැතියි ලස්සන සහ නීරෝගි කෙස් කළඹක හිමිකාරියක් වෙන්න. නමුත් ගොඩක් තරුණියන්ට තියන ගැටලුවක් තමයි හිසකෙස් දුර්වල වීම , කැඩී යාම සහ හිසකෙස් වියළි වීම. අද අපි ඔබට මේ ලිපියෙන් කියන්නේ වියළි වූ හිසකෙස් වලට නිවසේදීම කල හැකි ප්‍රතිකාර ගැනයි

වියළි හිසකෙස් සඳහා බොහෝ දෙනා භාවිතා කරන තෙල් අතර ජනප්‍රියම තෙල් වර්ගය වන්නේ ඔලිව් තෙල් ය.මීට අමතරව භාවිතා කරන තෙල් වර්ග වන්නේ ,

මෙම තෙල් වර්ග වල විටමින් ඊ සහ ප්‍රතිඔක්සිකාරක අඩංගු වනවා.එමගින් හිස් කබලෙහි සහ හිසකෙස් වල තෙතමනය ආරාක්ශා කරනවා

මෙම තෙල් වර්ග අතරින් ඕනෑම තෙල් වර්ගයක් මද වශයෙන් රත් කරගන්න
හිසකෙස් කොටස් වශයෙන් ගෙන හිසකෙස් වලත් හිස් කබලෙත් තෙල් හොඳින් ආලේප කරන්න
උණුසුම් තුවායකින් හිසකෙස් ආවරණය කර මිනිත්තු 30 ක් තිබෙන්නට හරින්න
ඉන්පසු සාමාන්‍ය ආකාරයට ශැම්පු කර හිසකෙස් පිරිසිදු කරගන්න

අලිගැටපේර වල විටමින් ඒ සහ ඊ, සංතෘප්ත මේද හා ඛනිජ අඩංගු වන අතර ඒවා මගින් හානියට පත්වූ හිසකෙස් හා වියළි හිසකෙස් පෝෂණය කරයි.ඒ වගේම හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කරයි.

ඉදුණු අලිගැටපේර ගෙඩියක් සහ බිත්තරයක් හොඳින් මිශ්‍ර කරන්න
තෙත් කල හිසකෙස් වල සහ හිස් කබලෙහි මෙම මිශ්‍රණය හොඳින් ආලේප කර මිනිත්තු 20 ක් තිබෙන්නට හැර සෝදා හරින්න

කෙසෙල් වල පොටෑසියම් අධික වන අතර ඉහළ තෙතමනයක් ඇති බැවින් වියළි කෙස් වලට කෙසෙල් යනු ඉතා හොඳ ප්‍රතිකාරයකි. එමෙන්ම මෙමගින් හිසකෙස් මෘදු කිරීමද සිදු කරනවා

කෙසෙල් සහ ඔලිව් තෙල් කියන්නේ වියළි හිසකෙස් වලට ඉතා හොඳ ප්‍රතිකාරයක්.

යෝගට් වල සෞඛ්‍ය සම්පන්න මේද සහ ප්‍රෝටීන අඩංගු වන නිසා එය හිසකෙස් මෘදු කර හොඳ තෙතමනයක් ලබා දෙනවා.

යෝගට් එකක් ගෙන එය දියවනතුරු හොඳින් මිශ්‍ර කරන්න. ඔබට වැඩි ප්‍රතිඵල ලබා ගැනීමට අවශ්‍ය නම් මෙයට විටමින් ඊ කරලක් එකතු කල හැකියි

ඉන්පසුව එය සෝදා ගත් හිසකෙස් වල සහ හිස්කබලෙහි ආලේප කරන්න

මිනිත්තු 20 කට පමණ පසු හොඳින් සෝදා හරින්න

ස්වාභාවික සුව කිරීම ගුණ ඇති කෝමාරිකා යනු හිසකෙස් මෘදු කිරීමට ඇති හොඳම ප්‍රතිකාරයක් .එමෙන්ම එය ස්වාභාවික කන්ඩිශනර් එකක්ද වනවා

නැවුම් කෝමාරිකා ජෙල් සහ විටමින් ඊ මිශ්‍ර කර ඔබේ හිසකෙස් වල සහ හිස්කබලෙහි ආලේප කරන්න
පැය භාගයකට පමණ පසුව හිසකෙස් හොඳින් සෝදා හරින්න

මේ සත්කාර ඔබට නිවසේදී ඉතා පහසුවෙන් කල හැකි සත්කාර වන අතර නිරෝගී දිදුලන ශක්තිමත් කෙස් කලඹක හිමිකාරියක් වෙන්න ඔබට ලේසියෙන්ම පුලුවන්.

තොරතුරු – ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී මධූ ජයවීර මහත්මිය



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here