ඇෆ්ගනිස්තානයට කඩුලු 5ක ජයක්

0
3

අස්මතුල්හ් ඔමරසායි සහ රශීඩ් ඛාන්ගේ විශිෂ්ට පන්දු යැවීමත්, රහමනුල්හ් ගුරුබාස් සහ රහමත් ෂහ් කැපී පෙනෙන පිතිකරණයත් හේතුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.

පෙරේදා 8දා අබුඩාබි හිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 221ක් ලබාගැනීමට සමත්වූ අතර, ඒ අනුව ලකුණු 222ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 1ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 226ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී මෙහෙදි හසන් ලකුණු 60ක්, තවුහිද් රිදෝයි ලකුණු 56ක්, සයිෆ් හසන් ලකුණු 26ක් සහ තම්ෂිම් හසන් ලකුණු 17ක් ලැබීය.

පන්දු යැවීමේදී රශීඩ් ඛාන් ලකුණු 38කට කඩුලු 3ක්, අස්මතුල්හ් ඔමරසායි ලකුණු 40කට කඩුලු 3ක් සහ ඒ. එම්. ගසන්ෆර් ලකුණු 55කට කඩුලු 2ක් බිඳහෙලීය.

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් පන්දුවට පහර දීමේදී රහමනුල්හා ගුරුබාස් ලකුණු 50ක්, රහමත් ෂහ් ලකුණු 50ක්, අස්මතුල්හ් ඔමරසායි ලකුණු 40ක් සහ හස්මතුල්හ් ශහේදි ලකුණු 33ක් ලැබීය.

පන්දු යැවීමේදී තන්ෂින් හසන් ලකුණු 31කට කඩුලු 3ක්, මෙහෙදි හසන් සහ තන්වීර් ඉස්ලාම් අතරේ 1 කඩුල්ල බැගින් බෙදී ගියේය.

පිත්තෙන් ලකුණු 40ක් සහ පන්දුවෙන් කඩුලු 3ක් බිඳහෙලූ අස්මතුල්හ් ඔමරසායි තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

සිසිර ඉන්ද්‍රජිත්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here