තෙල් සහිත සමට රූපලාවණ්‍ය උපදෙස්

0
11


තෙල් සහිත සමක් , එහෙමත් නැත්නම් Oily skin එකක් කියන්නේ කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයටම තිබෙන ගැටලුවක්. අද අපි කතා කරන්නේ තෙල් සහිත සමක් හිමි ඔබට ගැලපෙනම රූපලාවණ්‍ය කරුණු කිහිපයක් ගැනයි.

තෙල් සහිත සමක් කියන්නේ මොකක්ද ? 

ඔබේ සම වැඩිපුර තෙල් නිපදවන විට තෙල් සහිත සමක් ඇති වන අතර එමඟින් ඔබේ නළල, නාසය සහ නිකට දිලිසෙන පෙනුමක් ගන්නවා. මෙම අතිරේක තෙල් නිසා සමේ සිදුරු අවහිර වී කුරුලෑ ඇති වීම ප්‍රධාන වශයෙන් සිදු විය හැක.

 ජානමය හේතු

බොහෝවිට ජානමය හේතු නිසා තෙල් සහිත සමක් ඇති වීම සිදුවනවා. ඔබේ දෙමාපියන් හට තෙල් සහිත සමක් තිබේ නම් බොහෝ දුරට ඔබටත් එය ඇතිවීමේ සම්භාවිතාව වැඩි වනවා.

 හෝමෝන වෙනස්වීම්

හෝමෝන වෙනස්කම් ඇති වීමේදී , විශේෂයෙන්ම වැඩිවිය පැමිණීමේදී, ගර්භණී සමයේදී හෝ ඔසප් වීමේදී සමෙහි තෙල් නිෂ්පාදනය වැඩි වීම සිදු වනවා.

 ආහාර

තෙල් සහිත ආහාර, ක්ෂණික ආහාර සහ කෙටි ආහාර වර්ග වැඩිපුර පරිභෝජනය කිරීම  සමහර විට සමෙහි තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට හේතු වනවා.

 කාලගුණය

උණුසුම් හා තෙතමනය සහිත තත්ත්වයන් ඔබේ සමෙහි වැඩිපුර තෙල් නිපදවීම සිදුවිය හැකියි.

 ආතතිය 

අධික ආතති මට්ටම් තෙල් වැඩි කරන හෝමෝන නිපදවීමට හේතු විය හැක.

අධික සේදීම

ඔබේ මුහුණ නිතර සේදීමෙන් ඔබේ සමේ ස්වභාවික තෙල් ඉවත් කළ හැකි අතර, පෙරටත් වඩා තෙල් නිපදවීම එහිදී සිදුවනවා.

 සම ආරක්ෂණ නිෂ්පාදන

ඉතා රළු හෝ ඔබේ සමේ වර්ගයට නොගැලපෙන නිෂ්පාදන භාවිතා කිරීම ඔබේ සමට වැඩිපුර තෙල් නිපදවීමට හේතු විය හැක.

 ඖෂධ

උපත් පාලන ඖෂධ හෝ වෙනත් සමහර ඖෂධ වර්ග නිසා සමේ තෙල් නිෂ්පාදනය අධික ලෙස ඉහළ යාමේ හැකියාව පවතිනවා. 

මෘදු, තෙල් රහිත පිරිසිදුකාරකයක් භාවිතා කරන්න

මෘදු, තෙල් රහිත පිරිසිදුකාරක මගින් ඔබේ සමේ ස්වභාවික තෙතමනය ඉවත් නොකර අතිරික්ත තෙල් සහ අපද්‍රව්‍ය පමණක් ඉවත් කරනවා. මෙවැනි පිරිසිදු කාරකයක් මගින් දිනකට දෙවරක් ක්‍රමානුකූලව සහ ඉතා මෘදුව ඔබේ සම පිරිසිදු කිරීමට වග බලා ගන්න.

ක්‍රමානුකූලව මැරුණු සෛල ඉවත් කරන්න 

ඔබේ සම ක්‍රමානුකූලව exfoliate කිරීම සමේ මැරුණු සෛල ඉවත් කිරීමට සහ සිදුරු අවහිර කිරීමට උපකාරී වනවා. එමගින් බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් ඉවත්වීමද සිදුවන අතර ක්‍රමානුකූලව සමේ අතිරික්ත තෙල් ඉවත්වීම සිදුවීම නිසා සමට නැවුම් බවක් සහ මෘදු බවක් ලබා දෙනවා.

Mattifying Moisturizer එකක් යොදන්න

තෙල් සහිත සමට පවා නිසි තෙතමනයක් ලබා දීම අවශ්‍ය වනවා. මේ සඳහා gel moisturiser එකක් හෝ mattifying moisturiser එකක් දිනපතා මුහුණ පිරිසිදු කිරීමෙන් පසුව ආලේප කිරීම කළ යුතුයි. තෙල් රහිත මොයිස්චරයිසර් මගින් සමේ තෙල් නිෂ්පාදනය සමතුලිත කරමින් සම තවත් තෙල් සහිත නොකර ඔබේ සම අවශ්‍ය ප්‍රමාණයට පමණක් සජලනය කරයි.

නිතර මුහුණ සේදීමෙන් වළකින්න

ඔබේ මුහුණ නිතර සේදීමෙන් ඔබේ සමේ ස්වභාවික තෙල් ඉවත් කළ හැකි අතර, තෙල් නිෂ්පාදනය වැඩි වීමටද එය හේතු වනවා. මේ නිසා ප්‍රධාන වශයෙන් දිනකට දෙවරක් පමණක් මුහුණ හොඳින් සේදීමට වග බලා ගන්න.

 ටෝනර් එකක් භාවිතා කරන්න

ටෝනර් එකක් ඔබේ සමේ pH අගය සමතුලිත කිරීමට උපකාරී වන අතර තෙල් නිෂ්පාදනය පාලනය කරමින් සිදුරු තද කළ හැක. ඔබේ සම ආරක්ෂා කර ගැනීම සඳහා ඔබට භාවිතා කළ හැකි නිෂ්පාදන වලින් හොඳම නිෂ්පාදනයක් ලෙස ටෝනර් එකක් හැඳින්විය හැකි අතර එය දිනපතා භාවිතා කිරීම මගින් ඔබේ සමට හොඳ පෝෂණයක්ද ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

 සජලනය වී සිටින්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here