නැවුම් මලින් හිස සැරසිල්ලක් හදමු

0
12


පුංචි දුවට පාසලේ උත්සවයකට හෝ ඔබේ මංගල උත්සවයේ පුංචි මල් කුමරියන් සඳහා ලස්සන මල් ඔටුන්නක් (flower crown) සකසාගන්නට අවශ්‍ය වූ විට වැඩි මිලක් ගෙවා මිලදීගැනීමට අවශ්‍ය නැහැ. ඔබට නිවසේදීම අඩුම මිලකට මෙලෙස නැවුම් මලින් හිස් සැරසිල්ලක් සකසාගත හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය:

සාදන අයුරු:

හිසේ වටප්‍රමාණය සහ බෝ එකක් ගැට ගැසීමට අවශ්‍ය ප්‍රමාණයට දිගු රිබන් කැබැල්ලක් කපාගන්න. හෙඩ් බෑන්ඩ්  එකක්මෙන් සිටිනකොටස (හිසේ වටප්‍රමාණය) ලකුණුකරගන්න. බේබීස් බ්‍රෙත් අඟලේ පමණ කුඩා කොටස්වලට කපාගන්න. ගම් හැලෙන්න පුළුවන් නිසා පරණ පත්තරයක් හෝ පොලිතින් එකක් සමතලා මතුපිටක අතුරා රිබන් කැබැල්ල හොඳපිට හරවා ඒ මතින් තබාගන්න. කපාගත් බේබීස් බ්‍රෙත් කිණිති එකක් පිටුපස එකක් සිටිනසේ රිබන් එක මත අසුරාගන්න.  බෝ එකට ආසන්න කොටසේ සිට බේබීස් බ්‍රෙත් අලවන්නට පටන්ගන්න. බේබීස් බ්‍රෙත්වල නටුවට ගම් ගා අලවාගන්න මන්ද රිබන් එකේ වැඩියෙන් ගම් ගෑවුණු විට හැකිළුණු ස්වාභාවයක් හැකි නිසා. වරකට එක නටුව බැගින් අලවාගන්න. නටු එකපිට නොවැටෙන සේ තරමක ඉඩක් තබා එකම දිශාවකට සිටින සේ අලවාගැනීමට වගබලාගන්න. නටු එකපිට වැටුන හොත් පැළඳීමට අපහසුවන ඇත. රිබන් එකේ හිසේ වටප්‍රමාණයට එන සම්පූර්ණ කොටසම බේබීස් බ්‍රෙත් කිණිති අලවා සම්පූර්ණකරගන්න.

unnamed (1) unnamed (2) unnamed (3)

මෙ නිර්මාණය ඉතා අවම කාලයකින් නිමකරගත හැක. බේබීස් බ්‍රෙත් සොයාගැනීමට අපහසුනම් වෙනත් කුඩා මල් කිණිති භාවිතා කළහැක. පබළු සහ සීක්වීන්ස් එකතු කරගෙන මෙම හිස් සැසිල්ල තවත් අලංකාර කරගත හැකියි.

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here