රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති ලේකම් කාර්යා‍ලයේදී

0
6

රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති ලේකම් කාර්යා‍ලයේදී

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් සඳහා ක්‍රියාත්මක කරන ‘විෂන්’ වැඩසටහන් මාලාවට සමගාමීව රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභාගර්භයේදී අද (04) පැවැත්විණි.

එහිදී අනාගත නායකත්වය, පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ඉතිහාසය, පාර්ලිමේන්තුවේ කාර්යභාරය සහ ජනාධිපති අරමුදලේ වත්මන් ක්‍රියාකාරීත්වය ආදිය සම්බන්ධයෙන් එම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන් දැනුම්වත් කිරීමද සිදු කෙරිණ.

අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැමිණ සිටි පාසල් සිසුසිසුවියන් සහ ගුරුවරුන් සමඟ සුහද කතාබහකද නිරත විය.

ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කිරීමෙන්, අනතුරුව, කථානායක පත් කිරීම, කථානායක දිවුරුම් දීම, මන්ත්‍රීවරුන් දිවුරුම් දීම ද සිදු විය.

මෙම වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණයේ වැදගත්කම සංකේතවත් කරමින් තිළිණයක් ලෙස පාසල වෙත වටිනා පැළ ලබා දීම සහ ‘විෂන්’ සඟරාව පාසල වෙත පිළිගැන්වීම
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හේමාලි වීරසේකර,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, ජනාධිපති නීති උපදේශක නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර, ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ, ජනාධිපති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහ යන මහත්ම මහත්මීහුද, ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ සහකාර අධ්‍යක්ෂ, විදුහල්පති, ගුරුභවතුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here