ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ පස්වන සමාලෝචනය සදහා එම අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සදහා ශ්‍රී ලංකාව විසින් ප්‍රධාන කොදේසි දෙකක් ඉටු කළ යුතු බව එම අරමුදල පවසයි.
මේ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලව 2026 අයවැය සකස් කර සම්මත කර ගැනීම සහ බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ මූල්‍ය දායකත්වය තහවුරු කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සමඟ ප්‍රමාණවත් ප්‍රගතියක් තක්සේරු කිරීම සඳහා මූල්‍ය සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම යන කරුණු දෙක ශ්‍රී ලංකාව විසින් සැපිරිය යුතු වේ.
විධායක මණ්ඩල සමාලෝචනය අවසන් වූ පසු, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 347 ක් පමණ මුදලක් ලැබෙන අතර, එමඟින් මෙම ණය ගිවිසුම යටතේ ලබා දෙන මුළු අයිඑම්එෆ් මූල්‍ය ආධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 2.04 ක් පමණ දක්වා ඉහළ යනු ඇති බව ද එම අරමුදල පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව එළඹ ඇති විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ පස්වන සමාලෝචනය සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹි බව දැනුම් දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී Evan Papageorgiou මහතාගේ ප්‍රධානත්වයනේ ඊයේ (09) පෙරවරුවේ දී මාධ්‍ය හමුවක් පැවති අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අයිඑම්එෆ් විධායක මණ්ඩල අනුමැතියට යටත් වීම මේ කරුණු මත රඳා පවතින බව එහිදී සඳහන් කෙරුණි.
මේ මාධ්‍ය හමුව සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී Evan Papageorgiou සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත Martha Woldemichael ද එක්ව සිටියේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Saru FM Media